විපක්ෂය විශ්වාස කරන්න ගිහින් අපේ අමාත්‍යාංශ 2ක වැය ශිර්ෂ පරාජය වුණා - කිරිඇල්ල
පිටුපසින් සිට පිහියෙන් අනින්නට විපක්ෂය ඉතා දක්ෂ බවත් ඡන්දයකට නොයන බවට පක්ෂ නායක රැස්වීමේදී පැමිණි එකඟතාවකට අනුව මන්ත්‍රිවරුන් විපක්ෂය විශ්වාස කර කටයුතු කරන්නට යෑමෙන් අමාත්‍යංශ දෙකක වැය ශීර්ෂ පරාජයට පත්වූ බව පාර්ලිමේන්තුවේ සභානායක,රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන,උඩරට උරුමය හා මහනුවර සංවර්ධන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ මෙහෙයවීමෙන් අද (31) මහනුවර ප්‍රධාන තැපැල් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැති උත්සවයකදී ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු කිරිඇල්ල මහතා,
වැය ශීර්ෂ පරාජයට පත්වීම අලුත් දෙයක් නොවන බවත් රත්නසිරි වික්‍රමනායක මහතාගේ මෙන්ම ආරුමුගන් තොණ්ඩමාන් මහතාගේ අමාත්‍යාංශ වල වැය ශීර්ෂද මේ ආකාරයෙන්ම පරාජයට පත්ව තිබෙන බවත් කී ඒ මහතා එය නැවැරදි කර ගැනීමේ අවකාශය ස්ථාවර නියෝග යටතේ ලබාදී තිබෙන බවද අවධාරණය කළේය.
විපක්ෂයේ වචනය විශ්වාස කර වැඩ කිරීමට යෑමෙන් මෙම වැය ශීර්ෂ සම්මත කර ගැනීම නොහැකි වු බවත් විපක්ෂය වුණු පොරොන්දුව කඩකළ නිසා ආණ්ඩුවට මෙවැනි තත්ත්වයකට මුහුණ දීමට සිදුවු බවද ඔහු ප්‍රකාශ කළේය.
ඉදිරි ජනපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය නියත වශයෙන්ම ජයගත හැකි අපේක්ෂයෙකු ඉදිරිපත් කරන බවත් පක්ෂය තුළ විශාල සමඟියක් මේ වන විට ගොඩනැගී තිබෙන බවත් ඔහු වැඩිදුරටත් පැවසිය.

popular news
-
Don Sunday, 31 March 2019 05:30 PM
ලොක්කා ගැන විශ්වාසයක් නැතිකොට සොක්කෝ ගැන කවර කතාද?
Reply : 0 0
Deepal Nirosh Wednesday, 03 April 2019 10:06 AM
කීකරු නායක මහත්තයට කියල හිටපු විශ්වාසවන්තම විපක්ෂ කණ්ඩායම් දෙක විපක්ෂ නායක හා සංවිධායක තනතුරුවල තියා ගත්ත නම් මේ කිසි ප්‍රශ්නයක් නැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

