විපක්ෂනායක මහින්දට අන්තර්ජාතික ඇගයිමක්
ඉන්දියානු “World Icon Award” සම්මාන උළෙල අද (21) පෙරවරුවේ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ඉන්දියාවේ වෘත්තිකයින් සඳහා සෑම වර්ෂයකම මෙම “World Icon Award” සම්මාන උළෙල පවත්වන අතර 2018 වර්ෂයේ සම්මාන උළෙල තායිලන්තයේ පැවති අතර මෙම වර්ෂයේ සම්මාන උළෙල ලංකාවේ පැවැත්වීමට ඔවුන් තීරණය කර ඇත.
මෙහිදී ලංකාවේ තෝරාගත් වෘත්තිකයින් 10 දෙනෙකු සඳහාද සම්මාන ලබා දුන් අතර 30 වසරක යුද්ධය නිමා කර ලොවට ආදර්ශයක් දීම වෙනුවෙන් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා වෙත විශේෂ සම්මානයක් පිරිනමන ලදී.

popular news
-
dayan Sunday, 21 July 2019 09:54 PM
එම සම්මානය සියලු ගවුරව සහිතව එතුමාට හිමි දෙයකි. එහෙත් දැනට යුද්ධ කිරීමට අනවශ්‍ය නිසා එතුමා සැපෙන් ධීගායු සහිතව විවේක සුවයෙන් වජබෙත්වා.
Reply : 0 0
Champa Monday, 22 July 2019 04:36 PM
ඉන්දියාවද ඕක දුන්නේ? ලෝකේ දරුණුතම ත්රස්තවාදීන් කියල ඇමරිකාවම කියපු, යුද ගුවන් නාවුක බල ඇණි තිබ්බ, මරාගෙන මැරෙන ත්රස්තවාදීන් ලෝකෙට හඳුන්වා දුන්න LTTE එක පරද්දල මුළු ලෝකෙටම සාමය ගෙනාපු හිටපු ජනාධිපතිතුමාට ලැබෙන්න තිබ්බ 2010 නොබෙල් සාම තෑග්ග නැති කරන්න ඉන්දියාවත් ලොකු වැඩ පිළිවෙලක් ගෙනිච්ච. එහම කරපු ඉන්දියාව කරන මේ සොච්චම් ඇගයීම් මොනවාද?
Reply : 0 0
Mahindaweerasingha Saturday, 27 July 2019 02:48 PM
ගුනදාස අමරසෙකර වගෙ උගතුන් මොඩ කතා කිවාට ලැජ්ජයි මහින්ද හොරකම් කලාට කමක් නැහැ 30ස් අවුරුද්දක යුද්දයක් ඉවර කරපු නිසා හොරකම් කල අයට සම්මාන දෙන්න තෙරුමක් තියනවාද සිංහලයව හදන්න බැ හදන්නෙ නැතුව රට දියුනු කරන්නත් බැහැ සුද්ධාගෙ කිම අදටත් සිංහලයාට ගැලපෙනවා සිංහලයා මොඩයා කැවුම් කන්න යොදයාලුු
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

