පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ධුරය සජිත් ප්‍රේමදාස මහතාට ලැබිය යුතු බවට තමන් පසඳහන් කළ බවට ප්‍රචාරයක් යන බවත් තමන් එවැනි මතයක් පළ නොකළ බවත් ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතා පැවැසීය.
එය සම්පූර්ණයෙන්ම එක්සත් ජාතික පක්ෂය විසින් ගත යුතු තීරණයක් බවත් පක්ෂ අභ්‍යන්තරය එය සාකච්ඡා කළ යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය.
එසේම ඉදිරියේදී යම් හෙයකින් මේ පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ලැබුණොත් මතය ප්‍රකාශ කිරීමට නොපැකිළෙන බවත් ඔහු ප්‍රකාශ කළේය.

ත්‍රිකුණාමලයේදී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ඔහු මේ බව සඳහන් කළේය. එසේම සෑම විටම ආණ්ඩුවට විරුද්ධ නොවන බවත් ආණ්ඩුව සිදුකරන යහපත් කටයුතු සඳහා සහාය දක්වන බවත් ඔහු සඳහන් කළේය.