පාර්ලිමේන්තුව විසුරවා හැරීමත් සමග විපක්ෂනායක ධූරය අහෝසි වූ බැවින් විපක්ෂනායක කාර්යාලය සහ වාහන අදාළ අංශ වෙත භාර දීමට හිටපු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද (03දා) කටයුතු කළේය.
ඒ අනුව විපක්ෂනායක කාර්යාලය සහ වාහන සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ලේකම් අබ්දුල් නවුෆල් රහමන් මහතාට භාර දුන්නේය.
