විධායක ජනපතිධුරය අහෝසි කිරිමට ඉඩ දෙන්නේ නෑ - කනක
විධායක ජනපතිධුරය අහෝසි කිරීමට ඉඩ නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා පවසයි. අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
“රනිල් වික්‍රමසිංහ විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න ජනාධිපතිවරයා සමග ඊයේ පෙරේදා සාකච්ඡා කරලා තියෙනවා. ජනාධිපති අපේක්ෂකයෙක් වෙන්න බැරි නිසා රනිල් එකම විසඳුම හැටියට දකින්නේ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමයි.
අවුරුදු හතරහමාරක් බලයේ ඉඳලා තමන්ට පත්වෙන්න බැරිවෙන කොට තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරලා විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න රනිල් වික්‍රමසිංහ තීරණය කරලා තිබෙන්නේ.
විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සඳහා අපි ඉඩ දෙන්නේ නැහැ. අද ආණ්ඩුවට තුනෙන් දෙකක බහුතරයක් නැහැ. ජනමත විචාරණයක් මේ ඉදිරි මාස තුනක දී තියන්න හැකියාවකුත් නැහැ. ඉදිරි ජනාධිපතිවරණය සාර්ථකව පැවැත්වීම සඳහා ප්රජාතන්ත්රවාදී සියලු දෙනා දැනටම කටයුතු කරනවා.”

popular news
-
Dayan Thursday, 29 August 2019 06:49 PM
විධායක ජනාධිපතිකම තියාගෙන වැජබෙන්න වලිකන කාටවත් අපි චන්දෙ දෙන්නේ නැහැ. කවුරුත් මතක තියාගන්නවා හොඳය්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

