විදේශ රැකියාව අවසන් කර දිවයිනට පැමිණ ස්වයං රැකියාවල නිරත වන ශ්‍රමිකයින් 79 දෙනෙකු සඳහා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් රු. 1,754,406.00 මුදලක් ලබා දීම ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි ඊයේ (3) දින සිදුකරන ලදී.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ නගර සහ කඩවත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ස්වයං රැකියාවල නිරත වන විගමණික ශ්‍රමිකයින් සඳහා සිය ව්‍යාපාර වැඩිදියුණු කර ගැනීම වෙනුවෙන් රු.25,000ක උපරිමයකට යටත්ව මෙම ආධාර මුදල් ලබාදී තිබේ.
විදේශ රැකියාව අවසන් කර දිවයිනට පැමිණ වසර 5ක් ඇතුළත ස්වයං රැකියා ආරම්භ කර එය පවත්වාගෙන යනු ලබන ශ්‍රමිකයින්ට එය තවදුරටත් වැඩිදියුණු කර ගැනීම සඳහා මෙම ආධාර මුදල් ලබාදෙනු ලබන අතර, ප්‍රදේශයේ සංවර්ධන නිලධාරී මහත්ම මහත්මීන් මඟින් එවනු ලබන විගමණික ශ්‍රමිකයන්ගේ අයදුම්පත් කාර්යාංශ නිලධාරීන් මගින් සිදුකරනු ලබන ක්ෂේත්‍ර පරික්ෂණයක් හරහා තෝරාගැනීමෙන් පසුව ආධාර ලබාදීමට සුදුසු ශ්‍රමිකයින් තෝරාගැනීම සිදුකරනු ලැබේ.
එසේම 2019 ජනවාරි සිට ජූනි දක්වා කාලය තුළ විදේශ රැකියාව අවසන් කර මෙරටට පැමිණි ශ්‍රමිකයින් 128 දෙනෙකු සඳහා කාර්යාංශය මගින් රු.2,905,774 ක ස්වයං රැකියා ආධාර මුදල් ප්‍රමාණයක් ලබාදී තිබේ.
