විදුලි බල මණ්ඩලය අඳුරෙන් ගලවා ගැනීමට කඩිනම් පියවර ඕන
රටටම එළිය දෙන විදුලි බල මණ්ඩලය අඳුරෙන් ගලවා ගැනීමට කඩිනම් පියවර ගත යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ පාඩුව මේ වසර වන විට රුපියල් බිලියන 89ක් බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ විදුලි පුරාණය ග්‍රන්ථය එළිදැක්වීම වෙනුවෙන් අද (08දා) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවති උත්සවය අමතමිනි.
විදුලි බල මණ්ඩලයේ සිදුව තිබෙන දැවැන්ත කඩාවැටීම පිළිබඳ වගකීමේ දී මහජන උපයෝගිතා කොමිසමට ඉන් නිදහස් විය නොහැකි බව ද ජනාධිපතිතුමා කියා සිටියේ ය.
මේ අතර ජල සම්පාදන, ඛනිජ තෙල් සහ ශ්‍රී ලංකා ගුවන් සේවය යන ආයතනවල සිදුවන අක්‍රමිකතා රට දැවැන්ත ආර්ථික අගාධයකට ඇඳ දමා තිබෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ආණ්ඩුවක් ලෙස තීන්දු තීරණ ගැනීමේ දී මෙම ආයතනවලින් රටේ ආර්ථිකය බේරා ගැනීමට කඩිනම් පියවර ගත යුතු බව ද සඳහන් කළේය.

popular news
-
Lion Saturday, 09 November 2019 09:01 AM
ඔබ ඔය තනතුරින් පිටව යන්න .ඔබ me ratata විසාල විනාශයක් කළා. ඔබ වැනි අදුර දර්ශි පාලකයකු මෙරට බිහිඋනේ නැහැ .
Reply : 0 0
Rathna Saturday, 09 November 2019 10:06 AM
" රටටම එළිය දෙන විදුලි බල මණ්ඩලය අඳුරෙන් ගලවා ගැනීමට" 1.දේශපාලනයෙන් මුදවගතයුතුය 2.සුදුසු වැඩකිරීමේ හැකියාවන් ඇති පුද්ගලයන් බන්දවගතයුතුය. 3.නාස්තිය නැතිකලයුතුය. 4.නිලධාරීන්ට ඇති අධිකාරීබලය සීමා කලයුතුය. 5.සියලුම වුර්තිය සමිති සේවක අයිතිවාසිකම් පමණක් නොව වැරදි කරුවන්ට දඩුවම් කිරීමට ඉඩහැරිය යුතුය 6. ලංවිම 26000 පමණ සේවකයන්ගෙන් කාර්ය සාදන වාර්තා ලබාගෙන කරන ලද කාර්ය අනුව වැටුප් වැඩිවීම් ලබා දිය යුතුය (නොරොච්චෝලේ විදුලි බලාගාරයේ පමණක් ඉංජිනේරුවන් 150 ක් විදුලි අධිකාරීන් 200 යොදවා තිබීම ) 7.වාහන පරිහරණය අධීක්ෂණය කිරීම් 8. සියලුම ස්ව නවීකරණය කිරීම
Reply : 0 0
Kumar Saturday, 09 November 2019 09:40 PM
විදුලිබල මණ්ඩලය ගොඩගන්න ඒ ආයතනය රැකියා බැංකුවක් වගේ පවිච් කිරීම නතර කරන්න ඕනෙ. අනෙක ගල අඟුරු කැටයක්වත් පොළොවෙන් හාරා නොගන්න රටක කොම්පැනියකට ගල් අගුරුවලට කොන්ත්‍රාත් දෙන නිලධාරීන් පන්නා දමන්න ඕනෙ. JR ගේ කාලෙ පිට රට නොමිලේ සාදා දුන් මහවැලි බැමි සහ විදුලිබලාගාර විදුලිබල මණ්ඩලයට විකුණලා මණ්ඩලයේ නය වැඩිකළ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

