විදුලි දුම්රිය ව්‍යාපෘතිය හොර කියන්නේ කොමිස් නොලැබුණු නිසා
අධිවේගී විදුලි දුම්රිය ව්‍යාපෘතියෙන් ඉල්ලා සිටි කොමිස් මුදල් නොලැබුණු නිසා එය හොර ව්‍යාපෘතියක් යැයි එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් ඇමැතිවරුන් සඳහන් කරන බව සිලෝන් හයි ස්පීඩ් රේල්ස්වේ සමාගම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
මෙරට තුළම අධිවේගී දුම්රිය කට්ටල නිෂ්පාදනය කර අපනයනය කිරීම සඳහා මෙම ව්‍යාපෘතිය සකස් කර තිබෙන බවත්, එහෙත් තවමත් ඒ සඳහා අනුමැතිය ලැබී නොමැති බවත් එම ආයතනයේ සභාපතිනි අනුෂ්කා රේණු මහත්මියගේ අත්සනින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන් කර තිබේ.
අයදුම්පත යොමුකර ඇති තමාගේ නම ලංකාවේ හා ලෝකයේ කිසිදු මූල්‍ය අසාදු ලේඛනයක නම සඳහන් වී නොමැති බවත්,එවන් තත්ත්වයක් යටතේ අධ්යක්ෂවරුන් කිහිපදෙනෙකුගේ සුළු සුළු වැරදි කියමින් එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන් කිහිපදෙනෙකු මාධ්‍ය සාකච්ඡා පවත්වන බවත් එම නිවේදනයේ සඳහන් කර ඇත.
මෙම දැවැන්ත ව්‍යාපෘතිය හරහා රටතුළ රැකියා අවස්ථා 22,500කට අධික ප්‍රමාණයක් නිර්මාණය වන බවත්,ඔවුන්ට තාක්ෂණික දැනුම හිමිවන බවත් එම නිවේදනයේ සඳහන් කර තිබේ.

popular news
-
dhamneth Tuesday, 23 October 2018 11:08 AM
මෙම වෙයපෘතිය මගින් රැකියා 22500ක් සපයන්නත් පුලුවන්නම් වහාම ජනාධිපතිතුමා ඉදිරිපත්වී සත්‍ය අසත්තතාවය සොයා බලා මෙය රටට වැඩදයකනම් අනුමැතිය දෙන්න.පගාව ඉල්ලනවා කියන ඇමතිවරු කැපිලයන්නත් එක්ක.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

