විජයදාස පාර්ලිමේන්තුව තුළ රැඳීසිටීමට සුදුසු නෑ
පාර්ලිමේන්තු මන්ත්රී විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව දූෂිත යැයි ප්රකාශ කරන්නේ නම්, ඔහු පාර්ලිමේන්තුව තුළ රැඳීසිටීමට සුදුසු නැතැයි කථානායක කරු ජයසූරිය මහතා අද (08) පාර්ලිමේන්තුවේදී පැවසීය.
එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්රී නිමල් ලන්සා මහතා යොමුකළ පැනයකට පිළිතුරු දෙමින් කථානායකවරයා මේ බව සඳහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට ලැප්ටොප් පරිගණ ලබාදී ඇත්තේ පගාවක් වශයෙන් යැයිද, පාර්ලිමේන්තුව දූෂිතම ආයතනය යැයිද විජදාය රාජපක්ෂ මහතා ප්රකාශයක් සිදුකර තිබෙන බව නිමල් ලන්සා මහතා පෙන්වා දුන්නේය.
"ඒක එතුමාගේ පෞද්ගලික මතය. මීට ඉස්සරත් පාර්ලිමේන්තුවට විවිධ රටවල පාර්ලිමේන්තුවලින් තෑගි ලැබුණා. දැන් මන්ත්රීවරුන්ට ලබාදී තිබෙන ලැප්ටොප් පරිඝනක චීන පාර්ලිමේන්තුවෙන් තෑගි වශයෙන් ලැබුණේ.
මන්ත්රීවරයෙකු ඊට අකමැති නම්, ඔහුට අයින් කරන්න පුළුවන්. පාර්ලිමේන්තුව දූෂිතයි කියන එක එතුමා (විජදාස රාජපක්ෂ මහතා) කියන එක ගැන මම කනගාටු වෙනවා. එහෙම නම් එතුමා පාර්ලිමේන්තුවේ රැඳීසිටිය යුතුත් නැහැ" යනුවෙන් පවසා සිටියේය.

popular news
-
Don Thursday, 08 August 2019 10:56 PM
එයාගේ නමටත් ගැලපෙන්නේ නැති වාචාල කටක් මිනිහට තියෙන්නේ. UNP එකේ ආනුභාවයෙන් පාර්ලිමේන්තුවේ ඉඳගෙන (ඉහේ ඉඳගෙන) ලජ්ජනතිව කොට කොට ඉන්නවා. කොන්දක් නැතිඑකාට කඩේයනව.
Reply : 0 45
Anne Thattuwa Friday, 09 August 2019 05:22 AM
ඔය ලැප්ටොප් වල කරන, තියෙන සේරම chinaman තමයි හැතැප්ම දහස් ගණනක් එහා ඉදන් චන්ද්රිකා හරහා උකුස්සෝ වගේ 24/7 නිරීක්ෂණය කරන්නේ. අපේ අට පාස් ගොන්නුනට ලැප්ටොප් ඉතින් ballata මස් කටුවක් වීසි කොරා වගේ... හොරකම් වනචරකම් ජඩකම් chinaman trumpcard වගේ වෙලාවට එලියට දමාවි ,,
Reply : 17 7
dilal Friday, 09 August 2019 06:47 PM
එතකොට ඔය විදේස රටවලින් ලබාදෙන විදේස සංචාර ලැප්ටොප් එකකට වඩා බොහොම ලොකු පගා නොවෙයිද?
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

