විජයග්‍රහණය සාමකාමිව සමරන්න - ගෝඨා
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විජයග්‍රහණය ස්ථිර බැවින් එම විජයග්‍රහණය ගෞරවණිය ලෙස භුක්ති විදින ලෙස ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
අද (13) තිස්සමහාරාම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
අප මෙතෙක් මැතිවරණ ව්‍යාපාරය ආදර්ශවත් ලෙස සහ ගෞරවණිය ලෙස පවත්වාගෙන ගියා. ඉදිරියටත් අප බලාපොරෝත්තු වන්නේ ගුණාත්මක සහ එලදායි රජයක් බිහි කිරිමයි. මේ නිසාම මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ජනාධිපතිවරණ විජයග්‍රහණය ඉතාමත් ගෞරවණිය ලෙස අන් අයට කරදරයක් නොවන ආකාරයට භුක්ති විදින ලෙසයි.
අප මෙතෙක් අපට පැවරූ සියලුම රජකාරි කටයුතු ගෞරවණිය ලෙස ඉටු කරනු ලැබුවා.
විරුද්ධ පාර්ශවය වසර ගණනාවක් මේ ආණ්ඩුව පවත්වාගෙව ගියත් කිසිම දෙයක් ජනතාවට කළ නොහැකිව බලය ඉල්ලන පිරිසක් බවට පත්වෙලා.
ඒ නිසාම මෙතෙක් පවත්වාගෙන ආ ආදර්ශවත් භාවය සහ ගෞරවණිය භාවය ඉදිරි රජයක් යටතේ පවත්වාගෙන යා යුතු බව ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම ජන හමුවේදි වැඩිදුරටත් අවධාරණය කළේය.

popular news
-
Champa Wednesday, 13 November 2019 07:56 PM
පොඩ්ඩක් හිමීට කියන්න නේද? ලංකාවේ අධිකරණයේ ඔබට විරුද්ධ නඩු ගොඩක් තියෙනවා. අනිත් එක ගිය අවුරුද්දේ සිරිසේන ජනාධිපති පාර්ලිමේන්තුව විසිරුව්ව එක අවලංගු කරලා ශ්‍රී ලංකා අධිකරණය මුළු ලෝකෙටම පෙන්නුවා තමන් දේශපාලන බලයට නැමෙන්නේ නැති, විධායකයේ බලයටවත් නැමෙන්නේ නැති, ජාත්‍යන්තර මට්ටමේ තියෙන ස්වාධීන අධිකරණයක් කියල. ඒ විදිහේ quality තීන්දු සාමාන්‍යයෙන් ලෝකයා බලාපොරොත්තු වෙන්නේ ඇමරිකන් සහ බ්‍රිතාන්‍ය වැනි රටවල අධිකරණ වලින්. ඔබ ජනාධිපතිවරණය දිනලා දිව්රුම් දුන්නත් ඔබට ධූරය අහිමි වෙන්න ඉඩ තියෙනව. ඔබට විසඳගන්න දේවල් තියෙනවා. ඒ හින්ද පොඩ්ඩක් ඉන්ට.
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

