විග්නේෂ්වරන්ට නීතිය ඕනෑ
උතුරේ තිබෙන සිංහල පුවරු ගලවන්නැයි උතුරු පළාත් මහඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා ප්‍රකාශ කර තිබීම සම්බන්ධව රජය නීතිමය පියවර ගත යුතු බව ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදය ශාන්ත ගුණසේකර මහතා පැවසීය.
බුදුන් වහන්සේ දෙවැනි වර ලංකාවට වැඩම කළ අවස්ථාවේදී පාදස්පර්ශය කළ නාගදීපය බෞද්ධ උරුමයක් නොවන බවට විග්නේෂ්වරන් මහතා පවසා තිබියදී, ආණ්ඩුව නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විග්නේෂ්වරන් මහතාගේ ප්‍රකාශ අනුමත කර තිබෙන බවත්, මෙය සංහිඳියාවදැයි ජනාධිපතිවරයා හා අගමැතිවරයා ඇතුළු ආණ්ඩුව පැවසිය යුතු බවත් හෙතෙම පවසා සිටියේය.

popular news
-
Champa Friday, 24 August 2018 01:49 AM
වහල් ආණ්ඩුවට ආගමක් දහමක් නෑ. ඉතිහාසය විකෘති කරනවා. නාගේදීපේට විරුද්ධකම් කරන එක හැමදාම කරා. දැන් ඊටත් එහා ගිහින්. දෙන්නම ඊළඟ ඡන්දෙ බලාගෙන විගේන්ශ්වරන්ව නලවනවා. හැමදාම කියනවා වගේ උතුරුට එක නීතියක් දකුණට එක නීතියක්. උතුරෙන් බෞද්ධ නටබුන් වෙහෙර විහාර ඉවත් කරන එක මෛත්‍රී රනිල් 2015 දීපු චන්ද පොරොන්දුවක්. උතුරේ හැම අඟලකම බෞද්ධ විහාර වල නටබුන් තියෙනව. නල්ලුර් කෝවිල හදල තියෙන්නේත කලින් පන්සලක් තිබ්බ තැනක. අපේ බෞද්ධ නටබුන් හොයා ගත්තොත් පහුවෙනිදට බලන කොට සමතල කරලා. අන්න මන් දැක්ක දැන් චීන්නුන්ට උතුරේ කැනීම් කරන්න ගිවිසුමකින් බලය දීල. චීන්නු දැන් හිටු කියලා උතුරේ කැනීම් කරනවලු. ඊළඟට හොයා ගන්න අපේ දේවල් වුනත් කියයි චීන්නුන්ගේ කියලා. ලෝකේ අනිත් කිසිම රටක මෙහෙමෙ ඉඩ දීල නැහැ. මාස කීපෙකට ඉස්සෙල්ල දැක්ක ඉන්දියාවේ විශ්ව විද්‍යාල ශිෂ්‍ය කණ්ඩායමකටත් පුරා විද්‍යා කැනීම් කරන්න අවසර දීල.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

