වැසී යාමට ආසන්න දිය බෙදුම රෝහල
වසර 40ක කාලයක් සිට ගම්මාන 20ක පමණ ජනතාව දිවා රාත්‍රි දෙකේදිම ප්‍රතිකාර ලබා ගත් ඇළහැර දියබෙදුම ප්‍රාථමික රෝහල වෛද්‍යවරු නොමැතිකම නිසා බාහිර රෝගි අංශය සහ නේවාසික රෝගින් රෝහලට බාර නොගන්නා අතර සායනය පමණක් අද (11) දින පවත්වන අතර ඉදිරි දින වල දි බාහිර රෝගි අංශය පමණක් පවත්වන බව එම රෝහලේ ප්‍රකාශකයෙක් පැවැසිය.
මෙම රෝහලේ වෛද්‍යවරු තිදෙනෙකු සිටිය නමුත් මේවන විට එක් වෛද්‍යවරයෙකු පමණක් සිටින බැවින් මෙවැනි ක්‍රියා මාර්ගයක් ගෙන ඇති බව එහි වෛද්‍යවරයා පවසා සිටි.
මෙම රෝහලෙන් දිනකට 600ක පමණ ජනතාවක් ප්‍රතිකාර සඳහා පැමිණෙන අතර නේවාසික රෝගින්ට ප්‍රතිකාර ලබා ගැනිම සඳහා අංග සම්පුර්ණ වාට්ටු සංකිර්ණ දෙකක් සහිතව රෝගීන් 40කට ප්‍රතිකාර ලබා ගැනිමට පහසුකම් ඇති බව ප්‍රදේශවාසින් කියයි.
මේවන විට එම රෝහලේ කාර්යමණ්ඩලය ලෙස එක් වෛද්‍යවරයෙකුත් හෙදියන් සිව් දෙනෙකු ඇතුඵව අනිකුත් කාර්යමණ්ඩලය 15ක් පමණ සිටී.
මේ ගැටඵව පිළිබඳව පොලොන්නරුව ප්‍රදේශිය සෞඛ්‍ය අධක්ෂක වෛද්‍ය ඩී.එස්, ඒ. ජයසිංහ මහතාගෙන් විමසා සිටි අතර ඔහු දැක්වූයේ මෙවන් අදහසක්,
“මෙම රෝහලේ වෛද්‍යවරු තිදෙනෙක් හිටියා. එයින් එක් වෛද්‍යවරයෙකු සේවය හැර ගියා. අනික් වෛද්‍යවරයාට ස්ථාන මාරුවිමක් ආවා. එම ස්ථාන මාරුවිම මා අනුමත නොකර සිටි අවස්ථාවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ නිළධාරින්ගේ උපදෙස් පරිදි එම වෛද්‍යවරයාගේ ස්ථාන මාරුවිම සිදු කිරිමට මට සිදු වුණා.
එක් වෛද්‍යවරයෙකුට දිවා රාත්‍රි එක දිගටම සේවය කළ නොහැකි නිසාත් ප්‍රාථමික රෝහලක් ලෙස පවත්වාගෙන යැමට නොහැකි බැවින් මම උපදෙස් දුන්නා වෛද්‍යවරු පැමිණෙන තෙක් බාහිර රෝගි අංශය සහ නේවාසික රෝගින් ඇතුළත් නොකර ගන්නා ලෙසත් සායනය පමණක් පවත්වාගෙන යන ලෙස. ඉදිරි දිනවලදි බාහිර රෝගි අංශය පමණක් පවත්වාගෙන යන ලෙස උපදෙස් ලබා දුන්නා.”


popular news
-
Champa Wednesday, 11 December 2019 09:12 PM
කොලොඹට කිරි ගමට කැකිරි. හැමදාම මෙහෙමයි. මේ පාරත් ඒකමයි. Duty free කාර් වලින් ගමන් යන, පෞද්ගලික ඉස්පිරිතාලවල ලොකු මුදලකට හවසට වැඩ කරන, තමන්ගේ දරුවෝ විශේෂ quota එකකින් ජනප්‍රිය පාසල් වලට යවන GOMA එකේ ලොකු ලොකු දොස්තර හොරු පහුගිය කාලේ අලුතින් වෛද්‍යවරු ගන්න දුන්නේ නැහැ. ඒවාට වන්දි ගෙවන්නේ ගම්වල ඉන්න අහිංසක මිනිස්සු.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

