ඉදිරි වසරක කාලය තුල වැවිලි භෝග මගින් මෙරට අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන පහ ඉක්මවා යනු ඇතැයි වැවිලි කර්මාන් අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ඉකුත් දා ලුණුවිලදී පැවසීය.
වත්මන් රජය වගා කටයුතු වෙනුවෙන් නිරන්තරයෙන්ම දිරිය ලබාදෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
ලුණුවිල පොල් පර්යේෂණායතනයේ ඉකුත් දා පැවැති උත්සවයේදී අමාත්‍යවරයා මෙසේද පැවසීය.
“දේශීය පරිභෝජනයට වගේම විශාල අපනය ආදායමක් උපයා ගැනීම වෙනුවෙන් පොල් හා ඒ ආශ්රිත නිෂ්පාදන ප්‍රවර්ධනය කර ගැනීම රජයේ අරමුණ බවට පත්ව තිබෙනවා. පොල් හා ඒ ආශ්රිත නිෂ්පාදන මගින් මෙම වසර තුළ දැනට ලබාගත් ආදායම ඇමරිකානු ඩොලර් මිලියන හත්සියය ඉක්මවා තිබෙනවා. වසර අවසන්වන විට පොල් හා ඒ ආශ්රිත නිෂ්පාදන තුලින් ඇමරිකානු ඩොලර් බිලියනයක මුදලක් ලබාගැනීමට අප බළාපොරොත්තු වෙනවා.
ලබන වසර අවසන්වන විට මෙරට අපනයන භෝග අතරින් රටට වැඩිම ආදායම උපයා දෙන භෝගය බවට පොල් වගාව පත්කිරීමට අදාළ ආයතන කටයුතු කළ යුතුයි. පොල් හා ඒ ආශ්රිත නිෂ්පාදන අපනයනය කිරීමෙන් ඇමරිකානු ඩොලර් මිලියන හයසියයක පමණ ආදායමක් අප පසුගිය වසරේදී ලබාගෙන තිබෙනවා. මෙම ආදායම ඇමරිකානු ඩොලර් දහස දක්වා වැඩිකර ගැනීමේ අභියෝගය අප හමුවේ තිබෙනවා.
ඒමෙන්ම තේ වගාව තුලින් අප රටට වසරකට ඇමරිකානු ඩොලර් බිලියන 1'3 ක පමණ ආදායමක් උපයාගෙන තිබෙනවා. නමුත් ඒ අදායම පසුගිය වසර කිහිපය තුළම පවතින්නේ ඒකම ස්ථාවරයකයි. අගය ඒකතු කිරීම වැනි කටයුතු මගින් තේ වලින් ලැබෙන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 2 දක්වා වැඩිකර ගැනීමට කටයුතු කරනවා. ඊට අමතරව රබර් හා ඒ ආශ්රිත නිෂ්පාදන අපනයන කිරීම මගින් අප මෙම වසරේදී ලබන ආදායම ඇමරිකානු ඩොලර් බිලියනයක් ඉක්මවනවා. ඒය අප ලබන සුවිශේෂි ජයග්‍රහණයක්.”
