වැලිකඩ බන්ධනාගාරයේ ඊයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයත් සමගින් එහි ආරක්ෂාව තහවුරු කිරීමට පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවා තිබේ.
වැලිකඩ බන්ධනාගාරයේ තෝරා ගත් ස්ථාන කිහිපයකට මෙසේ පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවා තිබේ. ඊයේ බන්ධනාගාර නිලධාරින් හා විරෝධතාවක නිරත වූ බන්ධනාගාර කාන්තා රැඳවියන් අතර ගැටුමක් ඇතිවූ අතර එහිදී බන්ධනාගාර නිලධාරීන් 8ක් තුවාල ලැබීය.
මෙහිදී රැඳවියන් කිහිප දෙනෙකුද තුවාල ලැබූ අතර මීට දින කිහිපයකට ඉහතදීද කාන්තා රැඳවියන් බන්ධනාගාරයේ වහළයක් මතට නැගී විරෝධතාවක නිරත විය.
