වැලිවේරිය දනව්කන්දේ කළුගල් කැඩීමට විරෝධය
වැලිවේරිය, කිරිකිත්ත, දනව්කන්ද ප්‍ර‘දේශයේ කළුගල් කැඩීමට අවසර නොදෙන ලෙස ඉල්ලමින් සංවිධාන කළ විරෝධතා පාගමනක් හා රැලියක් ඊයේ (28දා) උදෑසන එම ප්‍රෙදේශයේදී පැවැත්විණි.
දනව්කන්ද පරිසර සංරක්ෂණ කේන්ද්‍රය ප්රමුඛ ප්‍ර‘දේශයේ ස්වෙච්ඡා සංවිධාන එකමුතුව හා ක්‍රිකාකාරී සමිති එක්ව මෙම විරෝධතාව සංවිධානය කරන ලදී.
ඇටිකෙහෙල්ගල්ල, මොරහේන හන්දියේ සිට පාගමනින් කිරිකිත්ත, බෝගහහන්දිය ප්‍ර‘දේශයට පැමිණි පිරිස එහිදී විරෝධතාවේ නිරත වූහ.
මේ සඳහා කිරිකිත්ත, දනව්කන්ද, නාරංවල, අනුගම්මන, වැලිවේරිය, ඇටිකෙහෙල්ගල්ල හා පරකඩුමුල්ල යන අවට ප්‍රදේශවල පදිංචිකරුවෝ විශාල පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.
මහර ප්‍රා‘දේශීය සභාවේ මන්ත්‍රී වෑබොඩ පියරතන, හුණුපොලගම බුද්ධ රක්ඛිත යන හිමිවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි, හිටපු පළාත් සභා මන්ත්‍රී සපුමල් රංවල යන මහත්වරුද මෙහිදී දැක්වූහ.
මෙම අවස්ථාවට බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරුන් වන සුනිල් විජේරත්න, ගුණසිරි ජයනාත්, කුලස්තිද සිල්වා, මහර ප්‍රා‘දේශීය සභාවේ උපසභාපති අජන්ත වික්‍රමආරච්චි යන මහත්වරුන් මහර ප්‍රා‘දේශීය සභාවේ පක්ෂ, විපක්ෂ මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
කිරිඳිවැල - උපාලි රණවීර/ මල්වාන - ඩබ්.ඩී.එන්. විතානගේ



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

