වැලි හා පස් ප්‍රවාහන බලපත් අහෝසි කිරීමෙන් පරිසර හානයක් නෑ
වැලි හා පස් ප්‍රවාහනයට තිබූ බලපත්‍ර අහෝසි කිරීම මගින් පරිසර හානියක් සිදුනොවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
අනුරාධපුරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (7දා) පෙරවරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහ බෝ සමිඳුන් වහන්සේ වැඳ පුදා ගෙන ආශීර්වාද ලබා ගත්තේය.
ඉන් අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරි නිවාස නා හිමිපාණන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.
පසුව රුවන්වැලි සෑ මහා රදුන් වැඳ පුදා ගත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරි පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් බැහැ දැක ආශීර්වාද ලබා ගත් අතර, ඉන් අනතුරුව මිරිසවැටිය චෛත්‍යය වැඳපුදා ගත්තේය.
පසුව අනුරාධපුර ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරයට පැමිණ විහාරාධිපති නුගේ තැන්නේ පඤ්ඤානන්ද නා හිමිපාණන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.
මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා මෙසේ පැවසීය.
“අද වන විට වැට් බදු අඩුකිරීම තුළින් ව්‍යාපාරිකයන්ට සහන රැසක් ලැබී තිබෙනවා. කුළු බඩු වර්ග ආනයනය හා ප්‍රතිඅපනයනය නතර කිරීම තුළින් මේ වන විට මෙරට ගම්මිරිස් ඇතුළු කුළු බඩු ගොවියාට හොඳ මිලක් ලැබී තිබෙනවා.
විශේෂයෙන් කිව යුතුයි වැලි හා පස් කැණීම් අවසර ලබා දී නැහැ. ඒ සම්බන්ධයෙන් වැරදි ප්‍රචාරයක් රට පුරා ප්‍රචාරයක් යමින් තිබෙනවා. වැලි හා පස් ප්‍රවාහනයට පමණයි තහනම ඉවත් කර තිබෙන්නේ, ඒවා ප්‍රවාහනයට අවසර ලබා දීම තුළින් ප්‍රවාහන ගාස්තු අඩු වූ පසුව ඒවායේ මිල අඩු වෙනවා.
මේ ප්‍රදේශ වලින් විසි දහසට ගත්ත වැලි, පිට ප්‍රදේශවල රුපියල් හැට හතර දහසකට විකුණනවා. දැන් එය තිස් දහස් ගණනකට අඩු වෙලා තිබෙනවා. ප්‍රවාහන බලපත්‍ර අහෝසි කරා කියලා පරිසර හානියක් සිදු වන්නේ නෑ.”
popular news
-
වෙනස Monday, 09 December 2019 09:34 AM
කොහොමද වෙනස මර සැපයි නේද???
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

