වැලි ගල් හා පස් අන්ත දූෂිතම ව්‍යාපාරයි
වැලි, ගල් සහ පස් මේ රටේ අන්ත දූෂිත ව්‍යාපාර වන අතර ඒවායේ සිදුවන අක්‍රමිකතා මැඩලීම වෙනුවෙන් නීති රීති රැසක් තමන් පසුගිය සිව් වසර තුළ හඳුන්වා දුන් බව ජනාධිති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ හරිත වැලි තොටුපොළ සංකල්පය හඳුන්වාදීම පිළිබඳව අද (22දා) පෙරවරුවේ පොළොන්නරුව බුද්ධි මණ්ඩපයේ පැවති වැඩසටහන අමතමිනි.
ජනාධිපතිවරයා මෙහිදි වැඩිදුරටත් සඳහන් කළේ ගස් කැපීම, ගල් වැලි පස් ජාවාරම ඇතුළු රටේ සිදුවන දැවැන්ත පරිසර විනාශය වැළැක්වීම වෙනුවෙන් නීති රීති රැසක් ඝෘජුව සහ වක්‍රව කි‍්‍රයාවට නංවා තිබෙන බවත් කුමන විවේචන එල්ල වුව ද පරිසරය වෙනුවෙන් ගත් තීන්දු තීරණ කිසිසේසත් ආපසු නොහරවන බවත්ය.
සංවර්ධනය සඳහා වැලි, ගල් සහ පස් අවශ්‍ය වුවත් පරිසරය රැක ගනිමින් නිසි කළමණාකරණයක් යටතේ ඒවා සපයා ගැනීමේ වැදගත්කම ද පැහැදිලි කළ ජනාධිපතිතුමා නවීන තාක්ෂණික ක්‍රමවේදයන් සමඟ රටේ සංවර්ධන වැඩපිළිවෙළ ඉදිරියට කි‍්‍රයාත්මක කිරීමේ අවශ්‍යතාවය ද පෙන්වා දුන්නේ ය.
හරිත වැලි තොටුපොළ සංකල්පය යටතේ ගංගාවත්, ගං ඉවුර අවට පරිසරයත් සුරක්ෂිත කෙරේ. මෙම ක්‍රමය අනුව ගංගාවේ සිට ගං ඉවුරේ අඩි 10ක පමණ ප්‍රදේශයක් හරිත කලාපය ලෙස නම් කරන අතර එය වන රෝපණයකින් සමන්විත වේ. ඒ හරහා වැලි තොටුපොළට ගමන් කරන අඩි 03 ක පාරක් ඉතිරි වේ.
මේ ක්‍රමය නිසා ගංගාවට ට්‍රැක්ටර් බැස්සවීමට නොහැකි අතර වැලි ගොඩදැමීම සිදුවන්නේ නිසි ප්‍රමිතීන්ට අනුවයි. එහි දී කූඩ යොදා ගෙන අඩි 10 සීමාව ඉක්මවන තෙක් වැලි රැගෙන ආ යුතුය. වැලි ගොඩදැමීම සඳහා යොදා ගන්නා බෝට්ටු, එන්ජින් රහිත බෝට්ටු විය යුතුය.
මේ වන විට හරිත වැලි සංකල්පය හඳුන්වාදී තිබෙන අතර ඉදිරියේ දී එය කි‍්‍රයාත්මක නොකරන පිරිසට වැලි බලපත්‍ර නිකුත් නොකෙරෙන අතර එසේ නොකරන අයගේ බලපත්‍ර අහෝසි කෙරෙන බව ද භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසයි.
මනම්පිටිය වැලි ගොඩදමන කම්කරුවන් සඳහා දිනකට ගෙවන රුපියල් 2000/- වැටුප රුපියල් 2500/- දක්වා ඉහළ නැංවීමට ද ජනාධිපතිවරයා මෙහි දී අදාළ තාක්ෂණ සේවා සමාගම වෙත උපදෙස් දෙනු ලැබීය.
එමෙන්ම එම සේවකයන් වෙත සඳුන් පැළ බෙදාදීමක් ද ජනාධිපතිතුමා අතින් සනිටුහන් කෙරිණි.

popular news
-
Kapila Saturday, 22 June 2019 09:42 PM
වැලි ගොඩදැමීමට විරුද්ධ මෙතුමා වැලි කම්කරුවන්ට පාඩු වැඩි කරනවා. හරියටම කැකිල්ලේ රජතුමා වගේ.
Reply : 0 0
Punyasoma Saturday, 22 June 2019 11:06 PM
ඇයි ජනාධිපතිතුමනි හාල් වලත් ඒකාධිකාරියක් නෙ දැන් තියෙන්නේ ඒක කරන්නෙ ඔබතුමාගේ මල්ලි තමයි. එහෙම බලනකොට එකත් දූෂිතම ව්‍යාපාරයක් තමයි.
Reply : 0 0
sinnapora Sunday, 23 June 2019 07:43 AM
අපි ඔබව පත් කලේ ජාවාරම් කරුවන් කරන වැරදි මද්යවලින් එළිදරව් කරව ගන්න නොවේ ඔබ ලව ඒවා නටරා කර ගැනීමි තුමනි
Reply : 0 0
shan Monday, 24 June 2019 12:12 PM
එය හොදින්ම මොහු දනී මන්ද මොහුගේ සහෝදරයෙක් වන ගතනයට ලක්වූ වැලි රජු මේ කරය කල නිසාවෙනි ඔහුට ඒ බලය දුන්නේ මොහුම බව මොහු නොදැනීම අභ්ග්යකි
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

