වැරැද්දක් කර තිබෙනවානම් බදියුදීන්ට පමණක් නොව සියලු දෙනාට දඬුවම් දිය යුතුයි
වැරැද්දක් කර තිබෙනවා නම් රිෂාඩ් බදුර්දීන් ඇමතිවරයාට පමණක් නොව ඕනෑම කෙනෙකුට දඩුවම් ලබාදිය යුතුය යන මතයේ මම හැමදාම සිටින බව ගම්පහ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂණ රාජකරුණා මහතා පැවසීය.
පක්ෂ පාඨ භේදයෙන් තොරව රටගැන ජනතාව ගැන සිතිය යුතු අවස්ථාවක සමහරු අවස්ථාවාදී දේශපාලනයක නිරතවීම පිළිබඳව කණගාටුවන බවද මන්ත්රීවරයා පැවසීය.
රජයේ ගම්පෙරළිය වැඩසටහනට අනුව දොම්පේ කොට්ඨාසයේ නිවාස සංවර්ධන ආධාර ලබාදීමේ අවස්ථාවට සහභාගීවෙමින් මන්ත්රීවරයා මෙසේ පැවසුවේය.
වැඩිදුරටත් අදහස් දැක්වු රාජකරුණා මහතා,
ආරක්ෂක අංශයේ කටයුතුවලට අපි කවදාවත් මැදිහත්වී නැහැ. අපි හැමදාම ජනතාව සමඟයි සිටින්නේ.ත්රස්තවාදීන් සිංහල, මුස්ලිම්,හින්දු වුවද ඔවුන්ට අපි හැමදාම විරුද්ධයි. කාටවත් අපි උදව් කරන්නේ නැහැ. පුගොඩ කුමාරිමුල්ල මුස්ලිම් ගම්මානය හතර වතාවක් පරීක්ෂාවට ලක්කලා අපි බලපැම් කළේ නැහැ. නමුත් සැකකටයුතු කිසිවකු අත්අඩංගුවට ගත්තේ නැහැ.
දැන් රටේ ආරක්ෂක තත්ත්වය හොඳ අතට පත්වෙලා තිබෙනවා. දින කිහිපයක් ප්රමාදවු සංවර්ධන කටයුතු දැන් ගම්මට්ටමින් ආරම්භ කර තිබෙනවා. ඒ අනුවයි මෙම නිවාස ආධාර ලබාදිම ක්රියාත්මක කරන්නේ යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.
කිරිඳිවැල - උපාලි රණවීර

popular news
-
ranjith Saturday, 01 June 2019 03:04 AM
චන්දෙ දී මිනිස්සු ඒවා බලාගනීවි
Reply : 0 0
ranjith Saturday, 01 June 2019 05:16 PM
එක්සත් ජාතික පක්ෂයට පහසුවෙන් දින ගන්න තිබුණු ජනාධිපතිවරණය අන්තවාදීන්ගේ වලිගය ඇත අරින්න අකමෙත්තනිස අද ජනප්රියතාවය කියන එක අන්තයටම පිරිහිලා තවම තේරෙන්නේ නේ 2015 වෙනත් පක්ෂ එකමුතුව ලබාදුන් ජයග්රණය තිරසරව අවත්වගන්න අපොහොසත් උනේ නායකයන්ගේ නිවට කම නිසා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

