පිළිමතලාව වරකාගොඩ ප්‍රදේශයේ මල්කොටුව වත්ත පෞද්ගලික ඉඩමක නිධානයක් ඇති බවට සැක කරනු ලබන ස්ථානයක් බැකෝ යන්ත්‍ර උපයෝගි කරගනිමින් හාරමින් සිටි සැකකරුවන් 4 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ ගම්පල කඳවුරේ නිලධාරින් පිරිසක් විසින් ඊයේ ( 07 ) කළ වැටලිමකදි අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර පිළිමතලාව ප්‍රදේශයේ පදිංචි ඉඩම් හිමියා සහ මාතර ප්‍රදේශයේ කපු මහතෙකු හා බැකෝ යන්ත්‍ර ක්‍රියාකරුවන් දෙදෙනෙකු වෙයි.
පොලිස් විශේෂ කාර්ය බලකායේ ගම්පල කඳවුරේ නිලධාරින් හට ලැබුණු තොරතුරක් මත මෙම ස්ථානය වටලන අවස්ථාවේදි විශාල ගලක් සහිත එම ඉඩම බැකෝ යන්ත්‍ර උපයෝගි කර ගනිමින් හාරමින් සිට ඇති අතර කපු මහතා විසින් මල් පහන් පත්තු කිරිමට උපයෝගි කර ගන්නා තට්ටුවක්ද තිබි ඇත.
අත්අඩංගුවට ගත් සැකකාර කපු මහතා සතුව තිබු ටැබ් පරිගණකයේ දින හා මැණික් ද එම භුමියේ පිඩිපෙළ්ද , ඡායාරූපද තිබු බව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් පවසති.
ප්‍රදේශවාසින් පවසන්නේ ඈත අතිතයේ රජ බිසවුන් ස්නානය කළ රන් පිල්ල නම් මෙම ස්ථානයට ව්‍යවහාර කරණු ලබන බවයි. එම ඉඩමේ විශාල ගලට පහළින් ඇති ළිදෙන් ප්‍රදේශවාසින් මේ දක්වාම ජලය ලබා ගන්නා බවද ඔවුන් පවසයි.
මෙම ස්ථානයේ විශාල ගල තුළට ගමන් කිරිම සදහා ගල් පඩිපෙළක්ද ඇති බව ප්රදේශවාසිහු පවසති.
අත්අඩංගුවට ගත් සැකකරුවන් 4 දෙනා හා බැකෝ යන්ත්‍ර දෙකද, වතුර මෝටරයක්ද, එහි වතුර ජලනල හා ඔවුන් සතුව තිබු දුරකථන 3 ක් හා කපු මහතා සතුව තිබු ටැබ් පරිගණකයද අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හා භාණ්ඩ වැඩිදුර විමර්ශන සදහා දවුලගල පොලීසියට භාර දි ඇත.
චමිල් රූපසිංහ
