වැඩිකල් නොගොස් ආණ්ඩුව පෙරළනවා
වැඩිකල් නොගොස් ආණ්ඩුව පෙරළන බවත් ආණ්ඩුව විවිධ ක්‍රම වලින් ජනතාව පීඩාවට පත්කරන බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය. ඒ ජනබලය කොළඹට විරෝධතාවට එක්වෙමිනි.
"ඉතාම සාර්ථක රැලියක් පැවැත්වුවා. අපි අලුයම දක්වා මෙතැන රැඳී සිටිනවා. ආණ්ඩුව විවිධ ක්‍රමවලින් ජනතාව පීඩාවට පත්කරන නිසා ජනතාව සියලු දෙනාට රිදිලා තිබෙනවා. රට බෙදන්න ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගේනවා. බදු අයකරමින් විශාල පීඩනයකට ලක්කර තිබෙනවා.
ඒ නිසා අපට විශාල වගකීමක් තිබෙනවා මැතිවරණයන් ලබා ගන්න. රටේ ප්රජාතන්ත්රවාදයක් නැහැ. මැතිවරණ තියන්නේ නැහැ. ඒකාධිපතිවාදයකට රට ගෙනියනවා. පළාත් සභා මැතිවරණය කල්දමලා. පාර්ලිමේන්තුවේ අපට කතා කරන්න ඉඩ දෙන්නේ නැහැ.
70 වඩා 06යි, 16 ලොකු වෙලා. අපට විපක්ෂයේ වගකීම් ඉටු කරන්න දෙන්නේ නැති නිසා තමයි අද පාරට බැස්සේ. යුද්ධය අවසන් කර මිනිසුන්ට හුස්ම ගන්න අවස්ථාව ලබා දුන්නා.
ජනාධිපතිට, අගමැතිට යාපනයට ගිහින් මට බණින්න අවස්ථාන දුන්නේ මහින්ද රාජපක්ෂ තමයි. එයට විරුද්ධව අපගේ ගමනේ පළමු පියවර තමයි මේ සත්‍යග්‍රහය. මැතිවරණයක් ලබා ගැනීම අපේ යුතුකමක්. වැඩිකල් නොගොස් මේ ආණ්ඩුව පෙරළා දමනවා. ජනතාව එකතු වේවී කියලා හිතනවා" යනුවෙනි.

popular news
-
Deepal Nirosh Thursday, 06 September 2018 08:52 AM
ආණ්ඩුව පෙරළිම ගැන ප්‍රශ්නයක් නැතත් ඔය කියන “වැඩි කාලය“ ගැනනම් ප්‍රශ්නයක් තියනව. ඒක දින ද මාස ද අවුරුදු ද දශක ද සියවස් ද කියා අර්ථ දැක්වුව නම් තමා සම්පූර්ණ ප්‍රකාශයක් වෙන්නෙ.
Reply : 17 0
rocky Thursday, 06 September 2018 08:54 AM
දැන් කී සැරයක් පෙරලුවද?
Reply : 14 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
