වැඩි මිලට සහල් විකුණුවොත් වැඩ වරදියි
සහල් පාලන මිල කඩ කරන වෙළෙඳ සැල් පරීක්ෂාව දිගටම සිදු කරන බව ජනපති මාධ්‍ය අංශය පවසයි.
පාරිභෝගික කටයුතු අධිකාරිය සහ ශ්‍රී ලංකා පොලීසිය ඒකාබද්ධව පාලන මිලට වැඩියෙන් සහල් අළෙවි කරන වෙළෙඳ සැල් වැටලීම මේ වන විට ආරම්භ කර ඇත.
පාරිභෝගික අධිකාරිය පසුගියදා දේශීය සම්බා සහ නාඩු සහල් කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 98ක් ලෙස ගැසට් මගින් නිවේදනය කර තිබේ.
ඊයේ සහ අද කළ වැටලීම්වලදී වෙළෙඳ සැල් 1430ක් පරීක්ෂාවට ලක් විය. පාලන මිලට වැඩියෙන් සහල් අළෙවි කළ වෙළෙඳ සැල් 512ක් හඳුනාගත් බව පොලිසිය නිවේදනය කරයි.
අද හඳුනා ගත් පාලන මිල කඩ කළ වෙළෙඳ සැල් 89කට නඩු පවරනු ලැබීය. කලින් දවසේ හඳුනාගත් වෙළෙඳසැල් හිමියන් දැනුවත් කොට ඔවුනට අවවාද කෙරිණි.
popular news
-
samson de silva Saturday, 21 December 2019 12:29 AM
සිල්ලර වෙළෙන්දන්ට දැන් සැපද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

