වැඩබලන සොලිසිටර් ජනරාල් ලෙස සංජය රාජරත්නම් මහතා පත්කර තිබේ. හිටපු සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියගේ සේවය අත්හිටුවීමෙන් අනතුරුව මෙම පත්කිරීම සිදුකර තිබේ.
සංජය රාජරත්නම් මහතා ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ලෙස කටයුතු කරමින් සිටියේය.
ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශශංක සේනාධිපති මහතා සමග පැවැත්වූ මතභේදාත්මක දුරකතන සංවාදය හේතුවෙන් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියගේ සේවය අත්හිටුවීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව කටයුතු කළේය.