වැටුප් ගන්නේ නෑ - ජනාධිපති මන්දිර විශ්වවිද්‍යාල බවට පත්කරනවා
තමා ජනාධිපතිවරයා බවට පත් වූ පසු ජනාධිපති මන්දිර තාක්ෂණික විශ්වවිද්‍යාල බවට පත් කරන බව එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අද (02දා) පැවසීය.
ජනතා සේවයේ නියැළෙන ජනාධිපතිවරයෙකුට මන්දිර අවශ්‍ය නොවන බවත්, එවැනි ස්ථාන පවත්වාගෙන යෑමෙන් රටේ සංවර්ධනයට යෙදවිය හැකි මහජන මුදල් අපතේ යන බවත් ඇමතිවරයා සඳහන් කළේය.
තමා ජනාධිපතිවරයා වශයෙන් වැටුප්, දීමනා හා නිල නිවාස ලබා නොගන්නා බවත්, ජනාධිපතිවරයාට මාසිකව වෙන්වන වැටුප රටේ දුප්පත්කම තුරන් කිරීමට යොදවන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
දැනට නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු ඇමතිවරයා වශයෙන් කටයුතු කරන තමන් වැටුප්, දීමනා හෝ නිල නිවාස ලබා නොගන්නා බවද හෙතෙම කීය.
රාජ්‍ය දේපළ සුරක්ෂා කරන ස්ථාවරයේ සිට පාඩු ලබන රාජ්‍ය ව්‍යාපාර ප්‍රාග්ධන ශක්තිය ඇති ආයතන සමග ඒකාබද්ධව සංවර්ධන කිරීම සඳහා තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට කරුණු ඇතුළත් කරන බවද ඇමතිවරයා ප්‍රකාශ කළේය.

popular news
-
කෝ දහනායක Wednesday, 02 October 2019 06:51 PM
රටේ ප්‍රධාන ජනපති මැදුරට අමතරව විවිධ පැතිවලත් ජනපති මැදුරු තියෙනවා.ඒවා විශ්ව විද්‍යාල කිරීමට වඩා ජනාධිපති ජංගම සේවාවන්ට යොදාගෙන ජනතාවට සේවයක් කලොත් නරකද
Reply : 0 1
HARAMANIS Wednesday, 02 October 2019 07:16 PM
සංස්කෘතික අරමුදලේ මුදල් කගේ ඒවාද මහජනයාගේ ඒවා
Reply : 0 0
Karu Thursday, 03 October 2019 05:14 AM
බිල්ඩිමක් තිබුන පලියට එය විශ්ව විද්‍යාලයක් කල නොහැක. ඔබතුමා ගැලරියට නේද කතා කරන්නේ? බුද්ධිමත් යට කතා කරන්න අමාරුයි වගේ.
Reply : 5 2
අමරපාල Thursday, 03 October 2019 06:04 AM
2020ට පත් වෙන්නෙ නාම මාත්‍රික ජනාධිපතිවරයෙක්.ඔහුට තියෙන්නෙ අගමැතිගෙ උපදෙස් අනුව කටයුතු කිරීමටයි.කොටින්ම වර්තමාන ජනාධිපති පදවියේ මෙන් අර සංවර්ධන යෝජනා ක්‍රම මේ සංවර්ධන යෝජනා ක්‍රමවලට කඩා පැන කටයුතු කිරීමට බැහැ. එහෙයින් ජනපති මැඳුරු විශ්ව විද්‍යාල බවට පත් කිරීම හුදු ගැලරියට ආමංත්රනය කරාන සටන් පාටයක් පමනයි!!@@
Reply : 0 2
sam Thursday, 03 October 2019 06:56 AM
මුට පිස්සුද මල්ලි . කොහෙද නැති ගොනෙක් ගොන් කතා කියවනවා., මෝඩයෙක් උනත් මෝඩ කම පෙන්නන බුරුව තමය් නියම මී හරක. මුට කන්න දෙන්න ඕන තණකොළ සහ පුන්නකු. රවී කරුණානායක කියපු කතාව ඇත්ත . මු නම් දෙකේ පන්තියවත් පස්ස නැති ගොන් තඩියෙක්.
Reply : 0 2
Sudu putha sidu Thursday, 03 October 2019 07:21 AM
Well said dear sajith. You can stay ar 5 star hotels all over srilanka as always do as even now. Jayawewa. Hope president palace good for indian restaurant. It make more profitable tourist actraction.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

