සීමාසහිත ජාතික කඩදාසි සමාගම ඈවර කිරීම සඳහා පසුගිය ආණ්ඩුව ලබාදී ඇති අමාත්‍ය මණ්ඩල අනුමැතිය අවලංගු කිරීමට වත්මන් අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.
නිෂ්පාදන කටයුතු සිදුනොකර වසා දමා ඇති රාජ්‍ය ව්‍යාපාර නැවත ආරම්භ කිරීම රජයේ ප්රමුඛ කාර්යයක් වශයෙන් හඳුනාගෙන ඇති අතර, දැනට නිෂ්පාදන කටයුතු සිදුකරනු නොලබන, ප්‍රතිව්‍යුහගතකරණය සඳහා විභවතාවයක් සහිත සියලුම රාජ්‍ය ව්‍යාපාර නැවත ආරම්භ කිරීමට කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍යංශය තීරණය කර ඇත.
ඒ අනුව සීමාසහිත ජාතික කඩදාසි සමාගම යටතේ පවතින දැනට නිෂ්පාදන කටයුතු නවතා දමා ඇති වාලච්චේන හා ඇඹිලිපිටිය කඩදාසි කම්හල්වල නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර ඊට අදාළ ශක්‍යතා අද්‍යයන කටයුතු මේ වන විට සිසුකෙරෙමින් පවතී.
එම කාර්යයන් සඳහා සීමාසහිත ජාතික කඩදාසි සමාගම ක්‍රියාකාරිව පැවතීම අත්‍යවශ්‍ය බැවින් එම සමාගම ඈවර කිරීමට සහ එහි දැනට සේවයේ යෙදී සිටින සේවකයින්ගේ සේවය අවසන් කිරීම සඳහා ස්වේච්ඡා විශ්‍රාම වන්දි යෝජනා ක්‍රම‘යක් ක්‍රියාත්මක කිරීමට අදාළව අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර ගෙන තිබූ තීරණය අවලංගු කිරීම පිණිස කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
