ව්‍යාජ මැණික් ගල් 5ක් විකිණිමට තැත් කිරිමේදි අත්අඩංගුවට
නිදන් හාරා ලැබුණු බව කියන මැණික් ගල් 05ක් රුපියල් ලක්ෂ 45 කට අලෙවි කිරීමට සූදානම් කර තිබියදි වැලිකන්ද, නාමල්ගම ප්‍රදේශයේදී සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
මෙම මැණික් ගල් ව්‍යාජ ඒවා බව ද පොලීසිය වැඩිදුරටත් පවසයි.
පොළොන්නරුව කොට්ඨාස දිසා දූෂණ මර්දන අංශයට ලැබුණු තොරතුරක් මත එහි පොලිස් කණ්ඩායමක් විසින් මේ වැටලීම සිදුකර ඇත.
මැණික් ගල් මිලදී ගන්නා ව්‍යාපාරිකයෙක් ලෙස උපාය දූතයෙක් යොදවා මේ වැටලීම කළ බවද පොලීසිය සඳහන් කළේය.
මෙසේ පොලිස් අත්අඩංගුවට පත් සැකකරුවන් ගෙන් දෙදෙනෙක් වැලිකන්ද ප්‍රදේශයේ පදිංචි කරුවන් වන අතර අනෙක් සැකකරු දඹුල්ල ප්‍රදේශයේ පදිංචි කරුවෙකු බව ද පොලීසිය වැඩිදුරටත් පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පොළොන්නරුව ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ධම්මික වීරසේකර මහතාගේ උපදෙස් පරිදි පොළොන්නරුව කොට්ඨාස දිසා දූෂණ මර්දන අංශය විසින් සිදු කරයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
