ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ආණ්ඩුව තීරණය කරනුයේ ඉදිරි මහ මැතිවරණයෙන් පසුව යැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, වරාය නාවික කටයුතු මාර්ග හා මහාමාර්ග සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.
වත්මන් ආණ්ඩුව සතුව පාර්ලිමේන්තු බහුතරය නොමැති බවත්, ඒ අනුව 'නොනගතය' වැනි වෙලාවක ආණ්ඩුව මෙලෙස වැඩ කටයුතු සිදුකරමින් පවතින බවත් ඔහු පැවැසීය.
"ව්‍යවස්ථා සංශෝධනය ගැන අපි තීන්දු තීරණ ගන්නේ ඊළඟ මහ මැතිවරණයෙන් පසුවයි. රටකට ස්ථාවර ආණ්ඩුවක්, හොඳ ව්‍යවස්ථාවක් තිබිය යුතුයි.
අපට පාර්ලිමේන්තු බහුතරය නෑ. නොනගතය වගේ වෙලාවක තමයි අපි මේ වැඩ කරන්නේ. එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ රාජ්‍ය බලයේ හිටපු අය ඊට වගකිවයුතුයි. ජනතා විමුක්ති පෙරමුණත් මීට වගකිව යුතුයි.
අයවැයක් ගෙනල්ල අතිගරු ජනාධිපතිතුමාට උවමනා ප්‍රතිපත්ති ඉදිරියට ගෙනියන්න බැරිවෙලා තියෙනවා. තවත් කල් තියෙනවා, මාර්තු 03 තමයි අවසාන දවස. එතකම් කල් මරන කාලයක් බවට මේක පත්වෙලා තියෙනවා. ජනතාවට ඕන හැකි ඉක්මනට රට ගොඩගන්න. 19 ව්‍යවස්ථා සංශෝධනය නිසා එය දවසින් දවස පමාවෙමින් තියෙනවා"