වසරක කාලයකට මන්ත්‍රීවරුන්ට වාහන ආනයන බලපත්‍ර ලබාදීම නවත්වයි
වසරක කාලයක් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ආනයන බලපත්‍ර ලබා දීම අත්හිටුවා ඇති බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය නිවේදනය කරයි.
රුපියල අවප්‍රමාණය වීම තවදුරටත් වළක්වා ගැනීම වෙනුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබේ.
ශ්‍රී ලංකාවේ මුදල් විදේශයන් වෙත ගලායෑම වැළැක්වීම වෙනුවෙන් තව ක්‍රියාමාර්ග කිහිපයක්ද මේ හා සමගාමීව ගෙන තිබේ.
අද මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි මෙම තීරණය ගෙන ඇත.
01 අමාත්‍යංශ, දෙපාර්තමේන්තු, සංස්ථා සහ මණ්ඩලවලට වාහන ගෙන්වීම නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා තිබේ.
02 රජයේ සේවකයින්ට නිකුත් කළ බලපත්‍ර මත වාහන ආනයනය කිරීම ද මාස 6ක කාලයක් සඳහා අත්හිටුවා තිබේ.
03 එම කාල සීමාව තුළ ණයවර ලිපි විවෘත කිරීමට අවසර නොදෙන බවත් හයිබ්‍ර්ඩ් වාහන සඳහා කල් බදු පහසුකම් ලබා ගත හැක්කේ වාහනයේ වටිනාකමින් 50%කට පමණකි.
04 ශීතකරණ, වායු සමීකරණ, රූපවාහිනී යන්ත්‍ර, සුවඳ විලවුන්, ජංගම දුරකතන සහ අනෙකුත් දුරකතන, රෙදිසෝදන යන්ත්‍ර, පාවහන් සහ ටයර් ආනයනය කිරීමේදී ඒවායේ වටිනාකමින් 100%ක තැන්පතුවක් ද තැබිය යුතු වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

