වසර 5කින් ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රය කළ හැකියි
අලුතින් සිතා වැඩ කරන්නේ නම් වසර පහක් තුළ ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය කළ හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි
කොරියාව ජපානය චීනය වැනි රටවල් දියුණු වූයේ ඒ රටවල් විසින්ම ගත් උත්සාහයන් නිසා බවද ඔහු පවැසීය.
ඒ අනුව අලුතින් සිතා වැඩ කරනවා නම් වසර 5 ක් තුළ ශ්‍රී ලංකාව ඉන්දියන් සාගර කලාපයේ දියුණුම රට බවට පත් කර ගත හැකි බවත් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය
රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩාංගනයේ පෙරේදා (05දා) වේ පැවැති උත්සවයකදී අග්‍රාමාත්‍යවරයා මේ බව පැවැසීය.
එකිනෙකාට චෝදනා කර ගනිමින් සිට රටක් ගොඩගත නොහැකි බවත් සියලු දෙනා එක්ව අලුතින් සිතා රට ගොඩනැගීමට ක්‍රියා කළ යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය.
" රට මුහුණදී තිබෙන ණය බරින් නිදහස්වීමට නම් අපගේ අපනයන ප්‍රමාණය ඉහළ නංවා ගත යුතුයි. ජපානය, චීනය, කොරියාව වැනි රටවල් අපනයනය වර්ධනය කර ගත් නිසා විශාල දියුණුවක් ඇති කරගෙන තබෙනවා. දැනට දියුණුවක් ලබා සිටින එකම ථෙරවාදී බෞද්ධ රට වන්නේ තායිලන්තයයි. තායිලන්තයේ බුදු දහම පිරිහී ගිය අතීතයේ ශ්‍රී ලංකාවෙන් බුදු දහම තායිලන්තයට රැගෙන ගියා. දැන් බෞද්ධ රටක් වශයෙන් දියුණුව ලබන ආකාරය පිළිබඳව තායිලන්තයෙන් අපට පාඩම් ඉගෙන ගැනීමට සිදුවී තියෙනවා.
අපේ ප්‍රශ්නවලින් අපම ගොඩ ආ යුතුයි. වෙනත් රටවල් අපව ගොඩගන්නේ නැහැ. අනාගතය දෙස බලමින් එකට එකතු වී ඉදිරියට යෑමට අපට ශක්තියක් තිබිය යුතුයි. අප හැමදාම එකම තැන ඉදිමින් අතීතය ගැන කතා කරනවා නම්, ජාතිකත්වයෙන් තොරව ජාති භේද, ආගම් භේද ඇති කර ගැනීමෙන් අවාසි සිදු වන්නේ ශ්‍රී ලංකාවටයි.
අප දැන් සියලුදෙනා එක්ව අලුතින් සිතා ඉදිරියට ගමන් කළ යුතුයි. රටත්, අප වැනි දේශපාලනඥයිනුත් අලුතින් සිතිය යුතුයි. එකිනෙකාට බැන බැන සිටීමෙන් පළක් වන්නේ නැහැ.
මගේ කුඩා කාලයේ සිංගප්පූරුවේ මිනිසුන් ඇවිත් අපේ වරායේ රැකියා කළා. දැන් සිංගප්පූරුවට ගියාම අපේ මිනිස්සු ඒ රටේ ගෙවල්වල වැඩකරනවා. එදා මැලේසියාවේ, තායිලන්තයේ ජනතාව අපේ ජාතික රෝහලට ප්‍රතිකාර සඳහා පැමිණියා. අපි අද මැලේසියාව, සිංගප්පූරුව, තායිලන්තය වැනි රටවලට ප්‍රතිකාර සඳහා යනවා.
කොරියාව, චීනය, ජපානය දියුණු වුණේ කොහෝමද? අන්න ඒ ක්‍රමය මතයි ඔබේ අනාගතය රැදී තිබෙන්නේ. අප සියලූදෙනාම එකට එකතුවී මේ රට ගොඩනගන්න අලුතින් වැඩ කරනවා නම්, වසර 05 ක් ගත වන්නට පෙර සියලු ආයෝජන ලබාගෙන ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රය බවට පත් කළ හැකියි. ඉන්දීය සාගරයේ පොහොසත් රටක් බවට පත් කළ හැකියි.
එම ඉලක්කය සපුරාගැනීමට ලබන වසර 05 තුළ ආයෝජන ලබාගැනීමත්, නවීන තාක්ෂණය ලබාගැනීමත්, සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමත්, නාවුක හා ගුවන් කේන්ද්‍රයක් බවට පත් කිරීමත් කළ යුතුව තිබෙනවා."

popular news
-
janahitha Sunday, 07 July 2019 02:47 PM
බෝම්බ වලටද අගමැති තුමා
Reply : 0 0
Bandula. Sunday, 07 July 2019 08:02 PM
අනේ දෙවියනේ මේ වසර හතරට කරපු සන්වර්දනේ ජනතාවට දරග්ගන්නත් බැරිව ඉන්නේ එනිසා දැන් ඇති නේද.
Reply : 0 0
Dayan Sunday, 07 July 2019 08:22 PM
ඔව්. පසුගිය අවුරුදු හතරේ ඒක පටන්ගත්තනම් තව එක අවුරුද්දය්. ඒකාලේ නිදාගෙන ඉඳල දැන් බොරු කතා කියනවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

