යුද්දෙන් පසුව නැවත පදිංචි වූ වැසියන් වෙනුවෙන් යාපනය යුධ හමුදා කදවුරු සීමාවන්ට අයත්ව තිබු යාපනය, කන්කසන්තුරය මාන්කොල්ලෙයි වෛරව හින්දු කෝවිල් ඉඩම සිවිල් වැසියන් වෙතට ලබාදීමට පියවර ගෙන තිබුණි.
යාපනය, පලාලි යුධ හමුදා කඳවුරු සීමාව වෙත අදාළ ඉඩම් ලබා ගැනීම 1990 වසරේ සිදුවූ අතර එම ඉඩම් අධිආරක්ෂක භූමි නමින් හැඳින්වුණු අතර එලෙස තිබූ මෙම කෝවිල් භූමිය වසර 33කට පසුව නැවත සාමාන්‍ය ජනතාව වෙනුවෙන් ලැබී ඇත.
යාපනය ජේ 233 ග්‍රාම සේවා වසමට අයත් සිවිල් වැසියන්ගේ ඉඩම් කොටසක් මීට පෙර සාමාන්‍ය ජනතාව වෙතට භාරදීමටද යුදහමුදාව වසින් පියවර ගත් අතර එම වැසියන්ගේ ආගමික කටයුතු සිදුකිරීම සඳහා මෙම කෝවිල් ඉඩම මුදාහැරීමට යුදහමුදාව විසින් පියවර පියවරගෙන තිබිණ.
උතුරු නැගෙනහිර ආරක්ෂක අංශ සතුව පවතින උතුරේ වැසියන්ගේ පාරම්පරික ඉඩම් යළි ජනතාවට ලබාදීමේ කටයුතු මේ වන විට ක්‍රමානුකූලව සිදුකෙරන බවටද ආරක්ෂක අංශ පවසයි.
මේ අතර ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ උපදෙස් පරිදි උතුරු නැගෙනහිර නැවත පදිංචි ජනතාව වෙනුවෙන් මුල් ඉඩම් ලබාදීමේ කාර්යාලයක් පිහිටුවා ඇති අතර, යුද හමුදා බ්‍රිගේඩියර්වරයකුගේ ප්‍රධානත්වයෙන් මෙම කාර්යාලය පිහිටුවා ඇත.
අදාළ කාර්යාලය මගින් මාස හයක කාලසීමාවක් කුළ උතුරු නැගෙනහිර ඉඩම් ගැටළු විසදීමට නියමිත අතර, ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන ලෙසට උතුරු නැගෙනහිර වැසියන්ගේ පාරම්පරික ඉඩම් බෙදාදෙන ලෙසටද සාගල රත්නායක මහතා ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබාදී ඇත.
