නව කොවිඩ්-19 ආසාදිතයන් ඉහළ යාම හේතුවෙන් කැනඩාවට වසංගතය පාලනය කිරීමේ හැකියාව අහිමි වී යා හැකි බව එරට ඉහළ ප්‍රධාන මහජන සෞඛ්‍ය නිලධාරිනිය පවසයි.
"දිනපතා වාර්තා වන නව රෝගීන්ගේ වැඩිවීම අඛණ්ඩව සැලකිලිමත් වීමට හේතු වී තිබෙනවා" යැයි වෛද්‍ය තෙරේසා ටෑම් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියාය.
"වෛරසය අඛණ්ඩව සංසරණය වීමත් සමග තත්ත්වය ඉක්මනින් වෙනස් විය හැකියි. කොවිඩ්-19 රෝගීන් කළමනාකරණය කළ හැකි මට්ටමක තබා ගැනීමේ හැකියාව අපට අහිමි විය හැකියි." ඇය වැඩිදුරටත් කීවාය.
මෑත සතිය තුළ සාමාන්‍යයෙන් දිනකට නව ආසාදිතයන් 779ක් වාර්තා වී ඇති අතර එය ජූලි මාසයට වඩා දෙගුණයකටත් වඩා වැඩිය. ජනතාව ඒකරාශී වීම් මෙම ආසාදනවලට හේතුව බවට සෞඛ්‍ය බලධාරීන් චෝදනා කරති.