තමාට විෂ ශරීරගත කිරීමේ අපරාධය පසුපස රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින් සිටින බවට තමන් විශ්වාස කරන්නේ යැයි එරට විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නි ජර්මානු මාධ්‍ය වෙත පවසා තිබේ.
ක්‍රෙම්ලීනය චෝදනා කළේ නවාල්නි එක්සත් ජනපද සී.අයි.ඒ. සංවිධානය සමග සබඳතා පැවැත්වූ බවටය.
කෙසේ වෙතත් මෙම සිදුවීමෙන් තමා බියට පත්කළ නොහැකි බවත්, තමන් යළිත් තම මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා රුසියාව බලා යන බවත් නවාල්නි පවසා තිබේ.
නවාල්නි අගෝස්තු මාසයේදී රුසියාවේ සිට බර්ලිනය බලා ජර්මානු ගුවන් යානයකින් රැගෙන ආවේ දැඩි අසාධ්‍ය තත්ත්වයක පසුවන විටය. සැප්තැම්බර් මාසයේදී රෝහලෙන් පිටව යාමට පෙර මාරාන්තික විෂ ශරීරගතවීමක් සම්බන්ධයෙන් ඔහු ප්‍රතිකාර ගත්තේය.
"අපරාධය පිටුපස පුටින් සිටින බව මම විශ්වාස කරනවා. සිදු වූ දේ පිළිබඳ වෙනත් කතාවක් මා සතුව නැහැ." නවාල්නි සඳහන් කර තිබේ.