වවුනියාවේ ගුවන්හමුදා කඳවුර ආසන්නයේ ඉඩමකින් පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගනියි
වවුනියාව, ගුවන්හමුදා කඳවුර පිටුපස කොවිල්කුලම ප්‍රදේශයේ ඉඩමක තිබී බෝම්බ පිපිරවීම සඳහා යොදාගන්නා ඩෙටනේටර් සහ වයර් තොගයක් අද (29) දහවල් සොයාගත් බව වවුනියාව පොලීසිය පවසයි.
පෞද්ගලික ඉඩමක් තුළ තිබී ඇති මෙම මෙම ඩෙටනේටර් සහ වයර් හමුවී ඇත්තේ ඉඩමේ හිමිකරු විසින් ඉඩම ඩෝසර කරන අවස්ථාවේදීය. පසුව ඉඩම් හිමිකරු විසින් ඒ බව වවුනියාව පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව පොලීසිය එම ස්ථානයට පැමිණ එම ඩෙටනේටර් හා සේවානූල් තොගය සොයාගෙන ඇත.
එහිදි ඩෙටනේටර් දෙකක්, බෝම්බ පිපිරවීම සඳහා යොදාගන්නා සේවා නූල් අඩි 100ක් පමණද තවත් වයර් සහ බෝම්බයක කොටසක් පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන ඇත.
පසුගිය යුද සමයේ වවුනියාව ගුවන් හමුදා කඳවුරට ප්‍රහාර එල්ල කිරීම සඳහා එල්.ටී.ටී.ඊ ත්රස්තවාදීන් විසින් රැගෙන ආ ඩෙටනේටර් බවට සැක පළකරන අතර එම ඩෙටනේටර් හා වයර් අධිකරණ නියෝගයකට අනුව වවුනියාව පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් නිෂ්ක්‍රීය කිරිමට පියවර ගෙන ඇති බවටද වවුනියාව පොලීසිය වැඩිදුරටත් පවසයි.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

