වව්නියාව කට්කුලි ප්‍රදේශයේ පාසල් දැරියකට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් අද (15දා) දින වව්නියාවේ පාසල් 4 කට නිවාඩු ලබා දීමට පියවර ගෙන ඇති බව වව්නියාව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක එම්.රාධක්‍රිෂ්ණන් පවසයි.
වසය අවුරුදු 15 ක් වන දැරිය අසනීප තත්වයක් හේතුවෙන් වව්නියාව මහරෝහලට ඇතුළත් වීමෙන් පසුව සිදු කරන ලද පී.සී.ආර්. පරික්ෂණයකින් අනතුරුව ඇයට වෛරසය අසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ.
මේ නිසා වව්නියාවේ දෙමළ මහවිද්‍යාලය, බාලිකා මහවිද්‍යාලය, ගාමිණි මහාවිද්‍යාලය සහ සයිව ප්‍රකාශ මහවිද්‍යාලයට මෙලෙස නිවාඩු ලබා දීමට පියවර ගෙන ඇති අතර පාසල් නැවත දැනුම් දෙනතුරු වසා තැබීමට වවිනියාව කලාප අධ්‍යාපන නිලධාරීන් ඇතුලු සෞඛ්‍ය නිලධාරීන් විසින් පියවර ගනු ලැබීය.
මේ අතර අදාල පාසල් දැරිය ඇතුලු නිවැසියන් නිරෝධායනයට යොමු කොට ඇති අතර සමීප ඇසුරු කල පුද්ගලයින් සියලු දෙනා හඳුනාගනිමින් ඔවුන් පී.සී.ආර්. පරික්ෂණයන්ට යොමු කිරීමටද පියවර ගෙන ඇත.
දැරියට කොවීඩ වෛරසය ආසාදනය වූ ආකාරය පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් පරික්ෂණයන් අරඹා ඇත.