කොරෝනා වසංගතය මධ්‍යයේ ඇමෙරිකානු ප්‍රාන්ත සහ නගර ඉතා ඉක්මණින් විවෘත වුවහොත් බරපතල ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවන බව ධවල මන්දිරයේ කොවිඩ්-19 කාර්ය සාධක බලකායේ ප්‍රධාන සාමාජික වෛද්‍ය ඇන්තනි ෆවුසි ඊයේ (12දා) සෙනෙට් සභිකයින්ට අනතුරු ඇඟවීය.
නිවසේ රැඳී සිටීමේ නීති ලිහිල් කිරීමෙන් පසුව ආසාදිතයන් නොවැළැක්විය හැකි ලෙස ඉහළ නැගීමක් පාලනය කිරීමට රජයට හැකිබව දැනගන්නා තුරු නැවත විවෘත නොකරන ලෙස ෆවුසි සියලු ප්රාන්තයන්ගෙන් ඇයදීමක් කළේය.
වීඩියෝ සම්මන්ත්‍රණය හරහා සාක්ෂිකරුවන් සහ බොහෝ නීති සම්පාදකයන් එක් වූ ඉහළ පෙළේ විභාගයේදී, ෆවුසි සෙනෙට් කමිටුවකට පැවසුවේ, සිසුන් නැවත පාසල් කරා පැමිණෙන විට කොවිඩ්-19 සඳහා එන්නතක් හෝ පුළුල් ලෙස ලබාගත හැකි ප්‍රතිකාරයක් අපේක්ෂා කිරීම බොහෝ දුර පාලමක් බවයි. කෙසේ වෙතත්, ඉදිරි වර්ෂයේදී හෝ දෙකකින් එන්නතක් නිපදවනු ඇතැයි තමා සුබවාදීව සිතන බවද ඔහු කියා සිටියේය.
ජාතික ආසාත්මිකතා සහ බෝවන රෝග පිළිබඳ ආයතනයේ නායකත්වය දරන ෆවුසි, කොරෝනා වෛරසය පුපුරා යෑමට ප්‍රතිචාර දැක්වීමට සහ නිවසේ සිට නැවතී සිටීමේ නියෝග ආපසු හරවා යැවීමට ගත් උත්සාහයන් පිළිබඳ සිය සාක්ෂි විමසීමේදී බොහෝ අවංක බවක් ප්‍රකට කළ බව කියැවේ.
"සමහර ප්‍රදේශ එනම්, නගර, ප්‍රාන්ත හෝ ඕනෑම දෙයක් ආරක්ෂිත ක්‍රමවේද ඉවත් කරමින්, ඒවා අකාලයේ විවෘත වුවහොත්, වෛරසයට එරෙහිව ඵලදායී හා කාර්යක්ෂමව ප්‍රතිචාර දැක්වීමේ හැකියාවක් නොමැතිව, ඉතා සුළු වශයෙන් දකින නැගිටීමක් වුවද යළි මහා වසංගතයක් සේ පැතිරීම මගේ කණස්සලලට හේතුවයි." ෆවුසි සෙනෙට් සෞඛ්‍ය, අධ්‍යාපන, කම්කරු හා විශ්‍රාම වැටුප් කමිටුව ඉදිරියේ සාක්ෂි දෙමින් පැවසීය.