ශීත සෘතුවේ මාසවලට පැමිණෙන රටවල් විසින් ඉදිරියේදී විවෘත කරන්නේ බාර් හෝ රාත්‍රී සමාජ ශාලාද, නැත්නම් පාසල්ද යන්න තෝරාගත යුතුව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය හදිසි අවස්ථා වැඩසටහනේ විධායක අධ්යක්ෂ වෛද්‍ය මයික් රයන් පවසයි.
ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයා මෙම කරුණු අවධාරණය කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය මයික් රයන්,
"අප මේ වෛරසය මත පීඩනය පවත්වා ගත යුතුයි. වැඩිහිටි හා අවදානමට ලක්විය හැකි පුද්ගලයන්ට ඇති අවදානම අඩු කිරීම සඳහාත්, අපගේ දරුවන්ට දිගටම පාසල් යාමට හැකි පරිසරයක් පවත්වා ගැනීම සඳහාත් ප්‍රජා මට්ටමින් සම්ප්‍රේෂණය අඩුකළ යුතුයි.
ඉතින් වඩා වැදගත් වන්නේ කුමක්ද? ළමයින් නැවත පාසලට පැමිණීමද? නැත්නම් රාත්‍රී සමාජශාලා සහ බාර් විවෘතව තැබීමද? ශීත සෘතුවට එලැඹීමේදී අප විසින් ගත යුතු තීරණ මේවා යැයි මා සිතනවා.
තවමත් අපට එන්නතක් නැහැ. ඒ නිසා ළමයින් පාසලේ තබා ගැනීමට සහ වයස්ගත හා අවදානයට ලක්විය හැකි පුද්ගලයන් ආරක්ෂා කිරීම සඳහා සෞඛ්යාරක්ෂක පිළිවෙත් අනුගමනය, නිරන්තර නිරීක්ෂණ, පරීක්ෂණ සහ හෝඩුවාවන්, ඉක්මන් පරීක්ෂණ ප්‍රතිඵල, පොකුරු විමර්ශන, ආසාදිතයන් හුදකලා කිරීම සහ සම්බන්ධතා නිරෝධායනය කිරීම හැර මේ සඳහා විකල්පයක් අපට තවමත් නැහැ.
ඒ වගේම මේ කතාව දැන් ඔබට එපාවෙලා ඇති. ඒ ගැන කනගාටුයි. මෙය නැවත නැවත පැවසීමට සිදුවීම ගැනත් මා කනගාටුව ප්‍රකාශ කරනවා. නමුත් අපට විකල්පයක් නැහැ. අප කළ යුත්තේ මෙයයි.
ඒ නිසා මේ ශීත සෘතුවේදී අපේ රටවලදී මිය යා හැකි අපගේ දරුවන්ට සහ අපගේ ජනගහනයේ වැඩිහිටි හා අවදානමට ලක්වූ පුද්ගලයන්ට අපෙන් ඉටුවිය යුතු යුතුකම ඉටුකිරීමට නම්, මා සඳහන් කළ අනෙකුත් ක්‍රියාමාර්ග අප පවත්වාගෙන යා යුතුයි. ඒ වගේම රජයේද කැපවීමක් නොමැති නම් මේ ක්‍රියාමාර්ග පවත්වාගෙන යාම අසීරුයි. ඒ වගේම සමාජයේ කැපවීමද මීට අවශ්‍ය වන අතර, එය මෙහි කොටසක් විය යුතුයි." යනුවෙන් කියා සිටියේය.