වැලිසර ළය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පළා ගිය කොවිඩ් ආසාදිත පුද්ගලයා මරදාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.
වැලිසර පිහිටි ළය රෝහලේ ක්ෂය රෝගය සඳහා ප්‍රතිකාර ගැනීම සඳහා රෝහල් ගතව සිටි මෙම පුද්ගලයා සිදුකළ PCR පරීක්ෂණයකදී කොවිඩ් ආසාදිතයෙක් බව හඳුනා ගෙන තිබුණි.
ඔහු රෝහල් ගතවීමේදී මරදාන ප්‍රදේශයේ ලිපිනයක් ලබාදී තිබු අතර එය ව්‍යාජ ලිපිනයක් බව පොලිසිය කරුණු අනාවරණය කර ගෙන තිබුණා.