ලංකා විදුලිබල මණ්ඩලයේ රැහැන් ඇදීමේ උපකොන්ත්රාත් ආයතනයක ඇතිවු ගින්නකින් එම ආයතනයේ දේපල වලට දැඩි අලාභ හානි සිදුවි ඇත
මහබාගේ පොලිස් වසමට අයත් මත්තුමගල ගුණසේකර මාවතේ පිහිටි උක්ත ආයතනය තුළ මෙම ගින්න අද (18) දා උදෑසන 6.45ට පමණ ඇති වී තිබේ.
ගින්න පැතිර යාමත් සමග අවට නිවසකට ද සුළු හානි සිදුවී තිබූ අතර ගින්නෙන් කිසිවකු හට ජීවිත හානි සිදුව නොමැත. ගින්න පැතිර යාමත් සමග වැලිසර නාවික හමුදා කඳවුරේ ගිනි නිවන ඒකකය හා කොළඹ ගිනි නිවීමේ ඒකකය එක්ව ගින්න මැඩ පවත්වා ගින්න පැතිර යාම වලක්වා ගැනීමට සමත් විය.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවත් සිදුව තිබෙන අලාභ හානිය මෙතෙක් ගණන ය කර නොමැති බවත් පොලීසිය පවසයි.
ගින්න සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ කටයුතු මහබාගේ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සිදු කරනු ලබයි.