විලියමිසන්ගේ උපන්දිනයට ලංකාවේ ප්රේක්ෂකයන්ගෙන් 'සප්රයිස්'
තරග සංචාරයක් සඳහා මෙරටට පැමණ සිටින නවසීලන්ත කණ්ඩායමේ නායක කේන් විලියමිසන්ගේ 29 වැනි උපන්දිනය ඊයේ (08දා)ට යෙදී තිබිණ. කෙසේ වෙතත් එදින ශ්රී ලංකා ක්රිකට් සභාපතිගේ කණ්ඩායයම සමගින් පුහුණු තරගයකට එක්වී සිටි විලියම්සන්ගේ උපන්දිනය වෙනස්ම ආරකට සැමරීමට ශ්රී ලංකා ක්රීඩා ලෝලීන් පිරිසක් ක්රියා කිරීම විශේෂත්වයකි. එහිදී විලියම්සන් තරගයේ ක්රීඩා කරමින් සිටින අතරතුරදීම පිටියේ ක්රීඩාගාරයට රැස්වූ ප්රේක්ෂකයින් පිරිසක් කේක් කපමින් විලියම්සන්ට ආරාධනා කලේ ඔහු පුදුමයට පත් කරමිනි. කෙසේ වෙතත් පිරිසගේ ආරාධනය බාර ගත් විලියම්සන් තරගය අතරතුරදීම පැමිණ කේක් කෑල්ලක රස විඳිමින් ප්රේක්ෂකයින් ස්තූතිය පුද කලේය.
පසුගිය ලෝක කුසලාන එක්දින ක්රිකට් තරගාවලිය අතරතුරදී බොහෝ ප්රේක්ෂක ජනාදරයට පත් ක්රිඩකයෙකු වූ විලියම්සන් තරගාවලියේ වීරයා සම්මානයද එහිදී හිමිකර ගත්තේය.

-
U.H.D KARUNARATHNE Friday, 09 August 2019 02:28 PM
ශ්රී ලංකා නරඹන්නන් අගය කල යුතුයි.
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
