වරාය නගරය දෙහිවල දක්වා පුළුල් කිරීමට අවධානය
කොළඹ වරාය නගර ව්‍යාපෘතිය දෙහිවල දක්වා පුළුල් කිරීමට අවධානය යොමුව ඇති බවත් ඒ පිළිබඳව කෙරෙන අධ්‍යනය සාර්ථකවුවහොත් එම ව්‍යාපෘතිය ලබන වසරේදී ආරම්භ කරන බවත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
බොරලැස්ගමුව වැව සංවර්ධනය ආරම්භ කිරීමේ අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් දැක්වීය.
“හුඟ දෙනෙක් බිය වූ, කොළඹ නගරය ගිලා බසි යැයි සිතූ, කොළඹ නගරයට බලපෑමක් එල්ලවන ස්වෛරී රාජ්‍යයක් බිහිවනවා යයි කිවූ, වරාය නගරය මෙරටට අයිති කොටසක් හැටියට පරිසර ඇගයීමක් සමග අද කි‍්‍රයාත්මක කර තිබෙනවා. එය පැරණි ක්‍රමයට සිදු කළා නම් පරිසර ඇගයීමක් නැතිව, සින්නක්කර අයිතිය විදේශිකයන්ට ලබාදී සිදු කළා නම් ඇතැම්විට කොළඹ නගරයටම තර්ජනයක් එල්ලවීමට ඉඩ තිබුණා.
කොළඹ නගරයේ පැරණි ගොඩනැගිලි විනාශ වීමට ඉඩ තිබුණා. පරිසර අධ්‍යනයකින් පසුව එම නගරයේ ඉදිකිරීම් කටයුතු සිදුකරන්න අපි කටයුතු කළා. ඒ වගේම අපි අධ්‍යනය කරගෙන යනවා එම නගරය දෙහිවල දෙසට පුළුල් කිරීමට හැකියාවක් තිබෙනවාද කියා. එම අධ්‍යනය සාර්ථක වුවහොත් එම කටයුතුත් ලබන වසරේ ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා.”

popular news
-
Champa Monday, 06 August 2018 07:47 AM
තනිකරම බොරුවක්. පරිසර අධ්‍යනය කළා නම් කීයටවත් වෙරළේ ඉඳන් කිලෝ මීටර 2ක් ලඟින් වැලි හාරන්න දෙන්නේ නැහැ. මම දැක්ක විදියට ඊටත් කිට්ටුවෙන්ද මන්ද වැලි හාරන්නේ. මුළු නගරෙම ගොඩ නඟන්න තව වැලි මෙට්‍රික් ටොන් 65,000ක් හෝ ඊට වඩා ඕනේ. ඒවා ගේන්නේ චීනෙන්ද? අනිවර්යයනෙම ගිලා බහිනවා තමයි. වරාය නගරේ නෙමෙයි පහලින් තියෙන වෙරළයි කොළොඹයි. ඔය වැඩේ වෙන්නේ නැහැ. කොච්චර දැඟලුවත් ඕක සම්පූරණ වෙන්නේ නැහැ. නවතිනවා.
Reply : 22 0
Champa Tuesday, 07 August 2018 05:22 PM
වරාය නගරයට අපේ නීති බලපාන්නේ නැහැ. එතන තියෙන්නේ වෙන නීති. විකුණුවත් බදු දුන්නත් ඔය නගරේ වෙනම රාජ්‍යයක් විදියට වැඩ කරන්නේ. තවත් දේවල් තියෙනවා. වරාය නගරයේ හෝටල් ඉඳි වුනහම සංචාරකයෝ පොරකන්නේ ඒවායේ නතර වෙන්න. අපේ හෝටල් ව්‍යාපාරයට ලොකු බලපෑමක් වෙනවා. වරාය නගර ව්‍යාපෘතිය නතර කරනවා කියපු නිසා හංසයාට චන්දෙ දීපු විවිධ ක්ෂේස්ත්‍ර වල මිනිස්සු ලක්ෂ ගානක් හිටිය. බලයට ආවේ තනිකරම වංචාවෙන්. දැන් වරාය නගරය සාධාරණීය කරන්න හදන හැටි පිළිකුල්. කන්න ඕනේ වුනහම කබරගොයත් තලගොයා කරගන්නවා.
Reply : 0 0
Karoyawasam Monday, 06 August 2018 11:41 AM
චම්පා: අනේ ඔයාගේ මොලේ ......!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

