වරාය උද්ඝෝෂණයට පදනමක් නෑ - මාව බියපත් කිරීමට බෑ - ජනපති
බාධක පැමිණිය ද දුප්පත්කම තුරන් කිරීමට ආරම්භ කළ ගමන නතර නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
අතීතයේ දී ඇතැමෙකුට රැකියා ලැබුණද, දිළිඳු ජනතාවට අවස්ථාව නොලැබුණු බව ඔහු පෙන්වා දෙයි.
“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්රකාශනයෙන් ජනතාවට දුන් පොරොන්දු ඒ අයුරින්ම ඉටු කරමින් මැතිවරණය අවසන් වූ වහාම අඩු ආදායම්ලාභීන් සහ උපාධිලාභීන් සඳහා සැලසුම් කළ රැකියා එක්ලක්ෂ පනස්දහස දෙන බව රාජපක්ෂ මහතා සඳහන් කරයි. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සමතුන්ට පුහුණුවක් සමග රැකියා දීමට වැඩපිළිවෙළක් සකස් කරන බව ද ඔහු කියා සිටී.
පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට තරග වැද සිටින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කරනු පිණිස අද (01දා) බදුල්ල දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරත ජනාධිපතිවරයා මහියංගනය මහවැලි ක්‍රීඩාංගණයේ පැවති ජන හමුවේ දී මේ බව සඳහන් කළේය.
රට ගැන සිතන නායකයෙකු බලයට පත් සෑම අවස්ථාවකම එම වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීම කුමන්ත්රණකාරී සහ අන්තවාදී කණ්ඩායම්වල ඉලක්කය වූ බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
කිසිදු පදනමක් නැතිව වරාය ආශ්‍රිතව අර්බුදයක් නිර්මාණය කිරීමට පිරිසක් උත්සාහ කරමින් සිටිති. තමා බියපත් කිරීමට ඔවුනට නොහැකි බව සඳහන් කළ ජනාධිපතිවරයා දුප්පත්කම තුරන් කිරීමට ගෙන යන වැඩපිළිවෙල ආපසු හැරවීමට කිසිවෙකුටත් ඉඩ නොදෙන බව අවධාරණය කළේය.
අතරමග නතර වී ඇති මොරන් ඇල වාරි ව්‍යාපෘතිය කඩිනමින් නිම කර මහියංගනය ප්‍රදේශයේ පානීය ජල ගැටළුව විසඳන බව ජනාධිපතිවරයා පැවසීය.
බොහෝ දිස්ත්‍රික්කවල පවතින වගා ජල හිඟයට සහ වන අලි තර්ජනයට ස්ථීර සාර විසඳුම් සෙවීමට විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන බව ජනාධිපතිතුමා කියා සිටියේය. පාරම්පරික වගා බිම් යළි පවරා අස්වැද්දීමට පියවර ගන්නා බව ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.
සියලු ගැටළු අධ්‍යයන කර විධිවත් වැඩපිළිවෙළක් යටතේ දිළිඳුකම පිටුදැක, ජනතාව ජීවත් කරවීමේ වගකීම ඉටුකරන බව ඔහු පැවසීය.
popular news
-
Demuni Uduwara Saturday, 01 August 2020 07:30 PM
Gota, we know well you.
Reply : 2 1
Kumar Wednesday, 05 August 2020 06:14 AM
It is obvious that the protest was a set up. It was started by your supporters make you look good after negotiating to end the protest. Only a "kode bandapu chinaa will believe you.
Reply : 1 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

