වර්තමානයේ සිටින්නේ මානසික ආතතිය රෝගයක් වූ දරුවන් - විජයදාස
තරගකාරී අධ්‍යාපන රටාවකට හුරුව සිටින වර්තමාන සමාජය තුළ බහුල ව සිටින්නේ මානසික ආතතිය රෝගයක් තෙක් වර්ධනය වූ දරුවන් බවත්, මේ තත්වයට මව්පියන් මෙන් ම ගුරුවරුන් ද වගකිව යුතු බවත් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, අද පෙරවරුවේ පළාත් ආණ්ඩුකාරවරුන්, පළාත් ප්‍රධාන අමාත්‍යවරුන් ඇතුළු අධ්‍යාපන බලධාරීන් සහ අධ්‍යාපන ලේකම් ප්රමුඛ අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් සමඟ අධ්‍යාපන ක්ෂේත්රයේ වර්තමාන තත්වය හා මතුව ඇති ගැටලු සම්බන්ධව සාකච්ඡා කිරීම වෙනුවෙන් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති විශේෂ හමුවකට එක්වෙමිනි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,
නිදහස් අධ්‍යාපනය රජයෙන් ලබාදෙමින් සිටියදීත්, ඉගැන්වීමට දරුවන් ටියුෂන් පන්තිවලට යවන, විශ්වවිද්‍යාලවලට ඇතුළත්වන නවක දරුවන් සාදරයෙන් පිළිගන්නවා වෙනුවට නවකවදය ලබාදෙන පසුබිමක් තුළ අප රටක් වශයෙන් යහපත් නොවන තත්වයක පසුවන බව ද, මේ තත්වය වෙනස්කිරීමට පියවර ගත යුතු බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.
දේශපාලන ඉලක්ක මත පදනම් වෙමින් දරුවන්ගේ අනාගතය පිළිබඳ තීන්දු තීරණ ගැනීමට තමා කිසිසේත් කටයුතු නොකරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

popular news
-
Don Monday, 03 December 2018 07:57 PM
කියන මිනිහත් එයාගේ ලොක්කටත් ඔය ලෙඩේ උත්සන්න වෙලා තියෙන්නේ
Reply : 1 2
Saththaya Monday, 03 December 2018 09:32 PM
වර්තමානයේ සිටින්නේ මානසික ආතතිය රෝගයක් වූ දේශපාලුවන් . රටම විනාසයි .
Reply : 0 4
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
