කොවිඩ්-19 වෛරසය ආසාදිතව සිටින එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෝල්ටර් රීඩ් රෝහලේ ප්‍රතිකාර ලබාගනිමින් සිටියදී, යළිත් වරක් ධවල මන්දිරය වෙත පැමිණ තිබේ.
මැරීන් වන් හෙලිකොප්ටරයේ නැගී ධවල මන්දිරය වෙත ජනාධිපතිවරයා යළි පැමිණ ඇති අතර, මෙය ට්‍රම්ප්ගේ වෛද්‍ය කණ්ඩායම හැරුණු විට බොහෝ සෞඛ්‍ය විශේෂඥයන්ගේ දැඩි විවේචනයට ලක්ව තිබේ.
විශේෂයෙන්ම මෙවැනි මාරාන්තික හා අතිශය වේගයෙන් එකිනෙකා අතර පැතිර යන වෛරසයක් රැගෙන වගකීමකින් තොරව හැසිරෙන ට්‍රම්ප්, මීට පෙර වෝල්ටර් රීඩ් රෝහල ඉදිරිපිට රැස්ව සිටි තම ආධාරකරුවන්ට ආචාර කිරීම සඳහාද මෝටර් රථයක නැගී සංදර්ශනයක් පැවැත්වූයේ වෛරසයේ බැරෑරුම් බව නොසලකමිනි.