වරකාමුර ගැටුමෙන් පසු සැකපිට 5ක් අත්අඩංගුවට
මාතලේ, වරකාමුර ප්‍රදේශයේදී ඊයේ (07) දා රාත්‍රියේ ඇතිවු ගැටුමින් පසු ජාතික තව්හිද් ජමාත් සංවිධානයට සම්බන්ධ බවට සැකපිට පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
කිසියම් නාම පුවරුවක් සම්බන්ධයෙන් ඇතිව කතාබහක් දුරදිග යාම නිසා (07) රාති‍්‍රයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමින් පසු ප්‍රදේශයේ නොසන්සුන්තාවයක් ඇතිවු අතර තව්හිද් ජමාත් සංවිධානයේ මාතලේ කාර්යාලය බවට සැලකෙන වරකාමුර ප්‍රදේශයේ ඇති කාර්යාලයට ප්‍රහාරයක් එල්ලවු බවද වාර්තා වේ.
සිද්ධිය ඇති වන අවස්ථාවේ තව්හිද් ජමාත් සංවිධානයේ මාතලේ සංවිධායක ලෙස සැලකෙන පුද්ගලයා ඇතුලු පවුලේ පිරිස එම ස්ථානයේ රැදි සිට ඇති බවද පොලීසිය කියයි.
එම පිරිස මේ වනවිට එම ස්ථානයෙන් ඉවත් කර ඇති බවද පොලීසිය කියයි.
සිද්ධිය සැලවිමත් සමඟ එම ස්ථානයට පැමිණි මාතලේ මුලස්ථාන පොලීසියේ නිලධාරින් විසින් සිද්ධිය සමථයකට පත් කළ අතර මේ වන විට ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇති බවද පොලීසිය කියයි.
ප්‍රදේශවාසි මුස්ලිම් ජනතාව පැවසුවේ මෙම සංවිධානයේ කාර්යාලයක් මිට පෙර මෙම ස්ථානයේ පවත්වාගෙන ගිය බවය.
මාතලේ කොට්ඨාස භාර පොලිස් අධිකාරි එස්.ඩි එස්.පි සන්දනායක මහතාගේ උපදෙස් පරිදි මාතලේ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක චානකද සිල්වා මහතා ඇතුලු නිලධාරින් සිද්ධිය පිළිබඳව පරික්ෂණ පවත්වයි.
රත්තොට - රුවන් ධනංජය

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

