වයඹ පළාතේ ගවයින් අතර පැතිර යන සමේ රෝගය මේ වන විට මධ්‍යම පළාතේ ද පශු වෛද්‍ය නිලධාරිකොට්ඨාස කිහිපයකින්ම වාර්තා වී ඇති බැවින් රෝගය පාලනය කිරිම සඳහා අවශ්‍ය ක්‍රියාමර්ග ගෙන ඇති බව මධ්‍යම පළාත් සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.
මධ්‍යම පළාත් සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා වෛද්‍ය ආර්.එම්.කේ.පී රාජනායක මහත්මිය පවසන්නේ මෙ වන විට මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල සහ ගලේවෙල පශු වෛද්‍ය නිලධාරි කොට්ඨාසවලින් සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ රාගල පශු වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් මෙන්ම මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව, පූජාපිටිය උඩුනුවර හතරලියද්ද යන පශු වෛද්‍ය නිලධාරි කොට්ඨාසවලින් මෙම ගව රෝගය වාර්තා වී ඇති බවයි.
මෙම කොට්ඨාසවලින් දඹුල්ල ප්‍රදේශයෙන් වැඩි වශයෙන් වාර්තා වී ඇති බවත් අනෙක් කොට්ඨාසවලින් සුළු වශයෙන් වාර්තා වී ඇති බවත් අධ්‍යක්ෂිකා රාජනායක මහත්මිය පැවසුවාය.
කෙසේ වුවද මෙය වෛරස් රෝගයක් බැවින් රෝගය පාලනය කර ගැනීම සඳහා ආසාදිත සතුන් සඳහා කඩිනමින් ප්‍රතිකාර කිරිමේ කටයුතු සිදු කරන බවත් රෝගය වාර්තා වී ඇති කොට්ඨාසවලින් සතුන් පිට ප්රදේශවටල ප්‍රවාහනය කිරීම නවත්වා ඇති බවත් අධ්‍යක්ෂවරිය තව දුරටත් කීවාය.
සතුන්ගේ පිටේ ගැටිති මතුවීම මගින් සහ සමේ ආසාදනයන් මගින් මෙම රෝගය හඳනාගත හැකි බවත් තම සතුන් සම්බන්ධයෙන් යම් සැකයක් මතු වන්නේ නම වහාම ළඟම සිටින පශු වෛද්‍ය නිලධාරි කාර්යාලයට දන්වන ලෙසත් පළාත් අධ්‍යක්ෂිකා රාජනායක මහත්මිය ගොවින්ගෙන් ඉල්ලා සිටියි.
මොහොමඩ් ආශික්