මහියංගණ දම්බරාව ගම්මානයේ පොසොන් තොරණක් පැවැත්වෙන ස්ථානයක සැණකෙළියක් සඳහා රුපියල් 5000 හොර නෝට්ටු ලබාදීමක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව අද (20) උදැසන මහියංගණ පොලීසිය සිදු කල පරික්ෂණයකදී ව්‍යාජ ලෙස මුද්‍රණය කල රුපියල් 5000 හොර නෝට්ටු 07ක් සමග තරුණයන් 04 දෙනෙකු අත්අඩංගුවට ගත් බව මහියංගණ පොලීසිය පවසයි.
අත්අඩංගුවට පත් තරුණයන් වයස 16, 20, 21, 29 යන වයසේ පසුවන්නන් වන අතර දෙදෙනෙකු දම්බරාව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර අනෙක් දෙදෙනා සොරබොර පදිංචිකරුවන් වේ.
සැකකරුවන්ගෙන් පොලීසිය තවදුරටත් ප්‍රශ්න කරමින් සිටින අතර ව්‍යාජ මුදල් මුද්‍රණය කල ස්ථාන හා ප්‍රමාණයන් පිළිබද විමර්ශන කටයුතු සිදු කෙරේ.
අත්අඩංගුවට ගත් තරුණයන් මහියංගණ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.
මහියංගණ රංජිත් කරුණාවීර