2021 වසර උදාවීමට ඇත්තේ තවත් සති තුනකට ආසන්න කාලයක් වුවත් මෙවර වෙනදා මෙන් නව වසර සැමරීමට අවස්ථාවක් නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
“2021 වසර උදාවීමට තවත් සති තුනකට ආසන්න කාලයක් තියෙන්නේ. වෙනදා හැසිරුණ ආකාරයට උත්සව සැණකෙළි පැවැත්වීමට හැකියාවක් නෑ. කොවිඩ් වසංගතය ලොව පුරා ව්‍යාප්ත වී තිබෙනවා.
ඔබ සැම විටම සාප්පු සංකීර්ණයකට වෙළඳපොළට ගියත් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කරන්න. හැකිතාක් උත්සව පවුලේ අයට සීමා කරමින් නිරෝධායන නීති අනුව කටයුතු කරන්න.
වෙනදා මෙන් නව වසර සැමරීමට අපට අවස්ථාවක් නෑ මේ වෛරසය නිසා. වෙනදා ආකාරයට සාද පැවැත්විමට අවස්ථාවක් නෑ. එසේ නොමැතිවුවහොත් තවත් පොකුරු හා අනු පොකුරු බිහිවීමට අවස්ථාව තිබෙනවා.”