වනඅලි ප්රහාරයකට ලක්ව රෝහල් ගතව සිටියදි නිවසට පැන්න හොරු
වනඅලි ප්රහාරයකට ලක්වි රෝහල් ගතවි සිටි අයෙකුගේ නිවසට ඇතුල් වි වී උර කිහිපයක් සමග මුදල් සොරාගෙන ගෙන ගිය පිරිස් පිළිබඳව නීතිය නිසි ලෙස ක්රියාත්මක වි නොමැති බව පැවසේ.
මෙම සිද්ධියට මුහුණ පා ඇත්තේ කොට්ටුකච්චිය මැල්ලන්කුලම ඩි.එම්. තිලකරත්න මහතාය.
ඔහු පසුගිය අගොස්තු 8 දින රාත්රියේ පිරිත් නිවසකට ගොස් එමින් සිටියදී මෙම වනඅලි ප්රහාරයට ලක්වි ඇති බව පැවසේ.
මේ ඒ සම්බන්ධව අදහස් දැක්වු ඩි.එම් . තිලකරත්න ,
“ මම තවත් දෙදෙනෙකු එක්ක පිරිත් ගෙදරක ගොස් එමින් සිටියදී තමයි මේ වනඅලි ප්රහාරයට ලක්වුණේ. අලියා මුලින්ම මගේ කකුල පාගා දැමුවා මට නැගිට ගන්න බැරිව ගියා. පස්සේ මගේ ඕළුව පාගන්න අලියා අත උස්සද්දී මට එකපාරම අලියාගේ උස්සපු අත මගේ අත් දෙකෙන් ඇල්ලුව.
ඉන් පස්සේ අලියා අත අහකට අරන් එක පාරම කෑගහගෙන දිව්වා . මම කුරුණැගල රෝහලට ඇතුලත් කරලා ඉද්දි තමා නිවස කඩලා එහි තිබුණ වි උර කිහිපයකුයි මුදලින් රුපියල් ලක්ෂයකුයි අරන් ගොස් තිබුණේ.
එක වෙලා තිබුණේ පසුගිය 18 දින ඒ පිළිබඳව අදාළ සැකකරුවන් පවා ඉන්නවා. නමුත් අද වෙන තුරු නීතිය හරි විදිහට වෙලා නැහැ . මම දැන් එක් තැන් වෙලා ඉන්නේ . වී විකුණපු තැන් ගෙනිච්ච පිරිස් පුත්තලම පොලීසියට දන්වා තිබෙනවා. තවම සිදුවුණ රාජකාරියක් නැහැ . මේ නිසා මම තවත් අසරණ වුණා “ යැයි ඔහු පවසයි.

popular news
-
Champa Monday, 09 September 2019 05:48 AM
අනේ ඇත්තටම මෙහෙමත් නොමිනුසුන් ඉන්නවනේ කරදරයකට පත් වෙච්ච මිනිහෙක්ගේ ගෙදරත් කොල්ලකන? රටකට ගිය කලක්. ඔයි පොලීසිය. මක් කරනවද? වී ටිකක් පොලිසියටත් ලැබුනද දන්නේ නැහැ හොරු අල්ලන් නැතුව ඉන්නේ. රට බල්ලටම ගිහින් අප්පා. කිසි කෙනෙක් වැඩක් කරන්නේ නැහැ. දැන් පහුගිය දවස්වල කිව්වනේ වනජීවී ගිණුමේ මහා බිලියන් ගණනක් සල්ලි තියෙනවැයි කරන වැඩක් නැතෙයි කියල. ඒ සල්ලි පුළුවන්නේ මේ වගේ අලි පහර දීමකින් අසරණ වුනු මිනිස්සුන්ට වන්දියක් විදිහට ගෙවන්න. අනූනමයෙන්නේ මේ මනුස්සයාගේ ජීවිතේ බේරිලා තියෙන්නේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

