පොලොන්නරුව ප්‍රදේශයේදී ජපන් ජබර සහිත ප්‍රදේශයක මඩේ එරී වන අලින් මිය යෑම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන බව වනජීවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තේවරප්පෙරුම මහතා පවසයි.
ජපන් ජබර සහිත ප්‍රදේශයේ මඩේ එරී මියගොස් සිටි වන අලින් 7 දෙනෙකුගෙන් සිරුරු සොයාගෙන ඇති අතර මෙසේ මිය ගොස් ඇති අලින්ගෙන් හය දෙනෙක්ම අවුරුදු 12ට අඩු තරුණ අලින් වෙයි.
පාලිත තේවරප්පෙරුම මහතා පවසන්නේ වනජීවී විශේෂඥයින් විසින් මෙම පරීක්ෂණය සිදුකරන බවත් මෙම ප්‍රදේශයේ මඩේ එරීමෙන් තවත් අලි මිය යන්නට ඇතැයි විශ්වාස කරන බවයි.
එසේම ජපන් ජබර ශාක ඉවත් කරමින් අදාළ ප්‍රදේශය වන ජිවීන් වෙනුවෙන් ආරක්ෂිත ප්‍රදේශයක් බවට පත් කිරීමට ගත හැකි පියවර පිළිබඳවද අවධානය යොමුකර ඇතැයි අමාත්‍යවරයා පවසයි.
AFP ඇසුරෙනි
