විදේශ රැකියා සදහා ගොස් සිටියදී ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එම රටවල රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 476 දෙනෙකු අද දින අලුයම මෙරටට ගෙන්වා ගෙන ඇති අතර , තවත් ශ්‍රී ලාංකිකයන් 288 දෙනෙකු විදේශ රැකියා සදහා එදිනම පිටත්ව ගොස් තිබේ .
විදේශගතව රැකියා වල නිරත වී සිටියදී විවිධ ප්‍රශ්න වලට ලක් වී සිටි ශ්‍රී ලාංකිකයන් 294 දෙනෙකු , කණ්ඩායම් වශයෙන් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩසටහන යටතේ අද දින අලුයම ශ්‍රී ලන්කන් විශේෂ ගුවන් යානයකින් මත්තල ගුවන් තොටුපළ වෙත ගෙන්වා ගෙන තිබේ .
මීට අමතරව විදේශ රැකියා ගොස් සිටියදී යළි මෙරටට පැමිණීමට නොහැකිව එම රටවල රැදී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් ද රජයේ විශේෂ අවසරය මත අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට 130 දෙනෙකු ද , කටාර් රාජ්‍යයේ දෝහා සිට 45 දෙනෙකු ද,ජපානයේ නරීටා සිට 07 දෙනෙකු ද එසේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
මොවුන් සියලු දෙනා එම ගුවන් තොටුපළ වල දී , කොළඹ පෞද්ගලික රෝහල් කාර්යය මණ්ඩල විසින් පී.සී.ආර්.පරීක්ෂණ සදහා ලක් කිරීමෙන් පසුව නීරෝධායන කටයුතු සදහා සංචාරක හෝටල් වෙත යොමු කර තිබේ.
එසේම අද දින අලුයම ශ්‍රී ලාංකිකයන් 288 දෙනෙකු විදේශ රැකියා සදහා කටුනායක ගුවන් තොටුපළෙන් මැදපෙරදිග බලා පිටත්ව ගොස් තිබේ .
ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත 219 දෙනෙකු ද , කටාර් රාජ්‍යයේ දෝහා වෙත 69 දෙනෙකු එසේ පිටත්ව ගොස් තිබේ .
මේ අතර ශ්‍රී ලංකාවේ විවිධ ඉදිකිරීම් ක්ෂේත්රයේ රැකියා වල සහ ඉන්දියාවට අයත් යකඩ සහ වානේ කර්මාන්තශාලා වල සේවයේ නියුතුව සිටි ඉන්දීය ජාතිකයන් 170 දෙනෙකු ඉන්දීය ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් මගින් ඊයේ දින දහවල් නවදිල්ලි නුවර වෙත රැගෙන ගොස් තිබේ .