විදුලි කප්පාදුකාලය අඩු කරන්නැයි අගමැති කියයි
- 3 04 2022
- 12:51
- {{hitsCtrl.values.hits}} views
- ..
නියමිත පරිදි ඉන්ධන තොග ලැබෙමින් පැවතීම සැලකිල්ලට ගනිමින් විදුලිය කප්පාදු කරන කාලය හෙට (03) සිට අවම කිරීමට පියවර ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (02) දින විදුලිබල අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මියට උපදෙස් දී ඇත.
විදුලිය කප්පාදු කරන කාලය ඉහළ යෑම හේතුවෙන් ජනතාවගේ දෛනික ජීවිතය මුහුණ පා ඇති ගැටලු අවම කිරීමේ අවශ්‍යතාව පෙන්වා දෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම උපදෙස් දී තිබේ.
ඒ අනුව හෙට (03) සිට විදුලිය කප්පාදුව අවම කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බව විදුලිබල අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය අග්‍රාමාත්‍යවරයාට විශ්වාසය පළ කර ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
